කොළඹ වරායේ ගින්නක්
කොළඹ වරාය පොලිස් වසමේ බණ්ඩාරනායක ගුදමේ තිබූ බහාලුමක හදිසි ගින්නක් හටගෙන ඇති බවට කොළඹ වරාය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත පොලිසිය වහාම ක්‍රියාත්මක වී කොළඹ වරාය ගිනි නිවිමේ අංශය, නාවික හමුදා නිලධාරීන් හා වරාය ආරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා ඇත.
චීන රටේ සිට මෙරටට අනායනය කරන ලද ඔයිල්ෆිල්ටර් හා රසායනික ද්‍රව්‍ය බහාලුමක මෙම ගින්න හටගෙන ඇත.
බහාලුමේ කොටසක් ඉවත් කරගැනීමට හැකි වී ඇති අතර කොටසක් ගිනි ගෙන විනාශ වී ඇත.
ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැත. කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
lanka c news