තාත්තා මැ රූ දෙන්නාවම 2022 හා 2025 හමාර කළ කෙහෙල්බද්දර පද්මේගේ කතාව
තාත්තා මැරූ දෙන්නාවම 2022 හා 2025 හමාර කළ කෙහෙල්බද්දර පද්මේගේ කතාව
ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවන ඩුබායි රටේ සිටින මහමොළකරු කෙහෙල්බද්දර පද්මසිරි හෙවත් ‘පද්මේ’ තමන්ගේ පියා මැරූ පලිය ගන්න පියාගේ ඝාතකයින් වන පස්පොඩ්ඩා 2022 දීත් ගනේමුල්ලේ සංජීව 2025දී ත් ඝාතනය කර ඇත.
මිනුවන්ගොඩ පාතාල ලෝකයේ නවතම නමක් ලෙස ඉස්මතු වූ ‘පද්මේ’ නමැති තරුණයාගේ ජීවිත කතාව විමර්ශනය කරන විට එය සාමාන්‍ය තරුණයෙකුගේ ජීවිතය අපරාධ ලෝකය කරා ඇද දැමූ කතාවකි. ඔහුගේ පියා වූ නෙවිල් පෙරේරා 1970 දශකයේ අවසාන භාගයේදී අපරාධ ලෝකයේ සිට ව්‍යාපාරික ජීවිතයකට හැරුණු චරිතයකි.
පද්මසිරිගේ පියා වන නෙවිල් පෙරේරා 1978-79 කාලයේදී ඝාතන චෝදනාවකට හිරමැදිරියේ කාලයක් ගත කළ අතර,
පසුව සියලු අපරාධ ක්‍රියා අතහැර දමා ව්‍යාපාරික ක්ෂේත්රයට පිවිසුණේය. තම දරුවන් දෙදෙනා හොඳ අධ්‍යාපනයක් ලබා සමාජගත කිරීම ඔහුගේ එකම අභිලාශය විය.
1988 ජුනි 17 වන දින ගම්පහ ප්‍රදේශයේදී උපත ලැබූ කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා මුලින්ම උඩුගම්පොල ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ අතර, පසුව කඳාන ද මැසනඩ් විද්‍යාලයට ඇතුළත් විය. පාසල් කාලයේදී මලල ක්‍රීඩා ඇතුළු විෂය සමගාමී ක්‍රියාකාරකම්වල නිරත වූ ඔහු උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වුවද විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තෝරා නොගැනිණ.
පාසල් අධ්‍යාපනයෙන් පසු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා දෙකක් හදාරා ඇති අතර, පසුව ව්‍යාපාරික ක්ෂේත්රයට පිවිසී ඇත. වයස අවුරුදු 24 දී විවාහ වී කෙහෙල්බද්දර ප්‍රදේශයේ නිවසක පදිංචි වී සිටි ඔහු සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කළේය.
කෙසේ වෙතත්, ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඔහුගේ පියා පාතාල කල්ලියක් විසින් ඝාතනය කිරීමයි. මෙම සිද්ධියෙන් පසු ඔහු ‘කෙහෙල්බද්දර පද්මේ’ නමින් පාතාල ලෝකයට පිවිසුණේ පියාගේ ඝාතනයට සම්බන්ධ වූවන්ගෙන් පළිගැනීමේ අරමුණිනි. පියා මරන්න ආවේ පස්පොඩ්ඩා සහ සංජීවයි.
කතාව 2018 වසර දක්වා දිවෙයි.
පස් පොඩ්ඩා සහ කෙහෙල්බද්දර පද්මේ අතර ඇති වූ ගැටුමේ මුල පස් පොඩ්ඩාට අයත් පර්චස් 22ක ඉඩමක් සම්බන්ධ ගනුදෙනුවකි. රුපියල් ලක්ෂ 15කට උකස් තබා තිබූ මෙම ඉඩම පස් පොඩ්ඩාගේ දැනුවත්කමකින් තොරව විකිණීම මෙම ගැටුමට මුල්වී ඇත. මෙම ආරවුල උග්‍ර වී පස් පොඩ්ඩාගේ ඥාතියෙකු වූ චමින්ද හෙවත් ‘චමී’ ඝාතනයෙන් කෙළවර විය.
චමීගේ මරණයෙන් කෝපයට පත් පස් පොඩ්ඩා, ඔහුගේ මරණයට වගකිව යුත්තේ කෙහෙල්බද්දර පද්මේ යයි සිතා ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කළේය. එහෙත් මෙම උත්සාහය අසාර්ථක වූ අතර, පද්මේගේ පියා වන නෙවිල් පෙරේරා ඝාතනය කිරීමෙන් අවසන් විය. එදා මරන්නට ආවේ නෙවිල්ව නොව පද්මේව බව කතා පැතිර ඇත.නමුත් පොලිසියට අවශ්‍යව තිබූ සීසීටීවී පටයක් සපයා තමන් අමාරුවේ දමන්නට හැදූ නෙවිල්ට බැණවැදී ඔහු මරාදමන්නට පස්පොඩ්ඩා සංජීව සමග තීරණය කර තිබුනේ වැඩිමනක් ඔහුව මරන්නට අවශ්‍යතාවයකට නොව පද්මේට පියා මරා ‘සිග්නල්’ එකක් දීමටය.
මෙම සිදුවීමෙන් පසු පද්මේ තම ජීවිතයට එල්ල වූ තර්ජන හේතුවෙන් ඩුබායි රටට පලා ගියේය.
ඩුබායි හි සිට පද්මේ, තම පියාගේ ඝාතනයට සම්බන්ධ සියලු දෙනාගෙන් පළිගැනීමේ සැලසුම් සකස් කළේය. ඒ සඳහා ඩුබායිහි රැඳී සිටි හීනටියන මහේෂ් හා වරුණ යන අයගේ සහය ලබා ගත්තේය. සැලසුම් සහගතව සකස් කරන ලද මෙම ඝාතන මෙහෙයුම ක්‍රියාත්මක වූයේ 2022 ජූලි මස 27 වැනි දිනය.
එදින ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට සහභාගී වී පිටතට පැමිණි පස් පොඩ්ඩා, තම කැබ් රථයට ගොඩවී මිතුරෙකු සමඟ කතාබහක නිරත වෙමින් සිටියදී, හදිසියේම පැමිණි සුදු පැහැති වැගන් ආර් රථයකින් බැස්ස පුද්ගලයෙකු ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පස් පොඩ්ඩා, ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.
පොලිස් විමර්ශන වලින් හෙළි වී ඇති පරිදි, මෙම ඝාතනය කෙහෙල්බද්දර පද්මේ විසින් ඩුබායි සිට මෙහෙයවනු ලැබූ පළිගැනීමක් බව තහවුරු වී තිබේ. ඒ කාලයේ ගණේමුල්ල සංජීව ද ඉන්දියාවට ගොස් සිටි බැවින්, එය පද්මේට පස් පොඩ්ඩා ඝාතනය කිරීමේ සැලසුම් සාර්ථක කර ගැනීමට උපකාරී වී ඇත.
පද්මසිරි පවසන පරිදි ඔහුගේ පියාගේ ඝාතනයට මූලික හේතුව වූයේ ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට පියා පොලීසියට උදව් කිරීමයි. මෙය පාතාල නායක ගනේමුල්ල සංජීව සහ පස් පොඩ්ඩා යන අයගේ කෝපයට හේතු වී තිබී ඇති අතර ඒ නිසා ඝාතනය සිදුකර ඇත.
සීසීටීවි දර්ශනයක් යොමු කිිරීම වැනි හේතුවක් මත තමන්ගේ පියා මරාදැමීමට පස්පොඩ්ඩා සමග ගනේමුල්ල සංජීව කටයුතු කිරීම පද්මේගේ කම්පනයට හේතුවූ බව කියැවේ. ගනේමුල්ලේ සංජීව සිදුකර ඇති අපරාධ බොහොමයක් විහාල හේතු නැතිව නිකරුනේ කර තිබෙන බව පද්මේගේ අදහසයි.2022 දී පස් මාෆියාවේ ප්‍රබල චරිතයක් වූ සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස් පොඩ්ඩා’ ගම්පහ අධිකරණ සංකීර්ණය අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් කිරීමෙන් තම පියා මැරූ එක් අයකුගේ දිිවි අහිමිවීම ගැන පද්මේ සැනසුනේය. ඔහු ඊළග ඉලක්කය කරගත්තේ සංජීවය.
පද්මසිරි පවසන පරිදි, ඔහු කිසි විටෙකත් මත්ද්‍රව්‍ය ජාවාරම්,
කප්පම් ගැනීම් හෝ කුලී ඝාතන සිදු කර නොමැති අතර, ඔහුගේ එකම අරමුණ වූයේ පියාගේ ඝාතනයට සම්බන්ධ වූවන්ගෙන් පළිගැනීමයි. ඔහුට එරෙහිව පවතින මිනී මැරුම් චෝදනා අතර පස් චමී, පස් පොඩ්ඩා සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනා ඇතුළත් වේ.
වර්තමානයේ ඩුබායි රටෙහි සිටින පද්මසිරි පවසන්නේ ඔහු එරටට පලා ගියේ බන්ධනාගාරගත වීමට ඇති අකමැත්ත නිසා බවයි. ඔහු ගනේමුල්ල සංජීව සහ ඔහුගේ කල්ලිය විවේචනය කරමින් පවසන්නේ ඔවුන් අහිංසක පුද්ගලයන් ඝාතනය කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයන බවයි.
තම පියාගේ ඝාතනයෙන් පසු තමා පාතාල ලෝකයට ඇතුළු වූ බව පවසන පද්මසිරි, තමා දැන් කිසිදු අපරාධ ක්‍රියාවක නිරත නොවන බව අවධාරණය කරයි. ඔහු පවසන්නේ තමන්ට විරුද්ධව එල්ල වන චෝදනා ඔප්පු කළහොත් පොලීසියට භාර වීමට සූදානම් බවයි. ඔහු මේ බව කියා තිබුනේ පසුගිය කාලයේ ගුවන්විදුලි වැඩසටහනකටය.
ශ්‍රී ලංකාවේ සහ ඩුබායිහි ව්‍යාපාරික ආයෝජන මගින් ප්‍රමාණවත් ආදායමක් තමන් උපයන බව කියන ඔහු ගනේමුල්ලේ සංජීවගෙන් පලිගැනීමේ චේතනාව නිමානොවූ බව කියා තිබේ .”මම දැන් මේ වළට වැටිලා ඉවරයි. අපි බලමු” යනුවෙන් පමණක් ප්‍රකාශ කර ඇත.
මෙම සිද්ධිය පෙන්නුම් කරන්නේ සාමාන්‍ය පවුල් පසුබිමකින් පැමිණි තරුණයෙකු පවුලේ සාමාජිකයෙකුගේ ඝාතනය හේතුවෙන් අපරාධ ලෝකයට ඇද වැටුන ආකාරයයි.
ගනේමුුල්ලේ සංජීව ඝාතනයට පද්මේ තවත් අඅය හවුල් කරගන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර කමාන්ඩෝ සලින්ද, බටුවත්තේ චාමර, ජා-ඇල ජූඩ්, සහ කෙසෙල්වත්තේ දිනුක යන අයද මෙම සැලසුමට සම්බන්ධ බවට සැක කෙරේ.
ඔවුන් අල්ලාගැනීමට විමර්ශන ක්රිියාත්මකය.