ප්‍රසිද්ධියේ සිසුවෙකුට පහරදුන් ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට ගන්නවා
සිසුවෙකුට පහරදීමේ චෝදනාව මත උපකාරක පන්ති ගුරුවරයෙකුට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (11) ඔහුට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද, ඔහු ප්‍රකාශය ලබාදීමට පැමිණ නොමැති අතර, ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
උපකාරක පන්ති ගුරුවරයෙක් විසින් සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් වන වීඩියෝ කිහිපයක් පසුගිය දිනවල Facebook හරහා සංසරණය වූ අතර, එම ගුරුවරයාගේ ක්‍රියාකලාපය සමාජයේ දැඩි විවේචනයට පත්වී තිබුණා.
මේ සම්බන්ධයෙන් අද (11) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගනිමින් සිටින බවයි.
helakuru