පොහොට්ටු අපේක්ෂක කසිප්පු පෙරද්දී අල්ලයි
ගම්පොළ නගර සභාවට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු කසිප්පු පෙරමින් සිටියදී ගෝඩා බෝතල් 200 ක් හා කසිප්පු බෝතල් 25 ක් ද සමග අත්අඩංගුවට ගෙන ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.
ගම්පොළ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ පාළු නිවෙසකදී අවුරුදු සමයේ අලෙවියට මෙම ත සිප්පු පෙරීම සිදු කරමින් තිබියදී ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබුණ.
පොහොට්ටු ඔහුගේ අපේක්ෂකයා මිතුරකු ගම්පොළ නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස කටයුතු කරන අතර එහිදී ඔවුන් දෙදෙනා සාකච්ඡා කර එම මිතුරාගේ වසා තිබූ මහ ගෙදර මෙම කටයුත්ත සඳහා යොදාගෙන ඇතැයි පොලිසිය කියයි.
අපේක්ෂකයා කසිප්පු පෙරීමේ උපකරණ ලෙස ගෑස් ළිප හා ගෑස් සිලින්ඩරය උත්සව අවස්ථා සඳහා භාණ්ඩ කුලියට ලබාදෙන ස්ථානයකින් කුලියට ගෙන ඇති බවට ද අනාවරණය වී ඇත.
– සුරංග රාජනායක