රත්රං මිළදී ගන්න ඉන්න අයට මෙන්න සුබ ආරංචියක්
පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (24) සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 1,008,014ක් දක්වා පහළ ගොස් ඇති බවට වාර්තා වේ.
එය ඊයේ (23) සටහන් වුණේ රුපියල් 1,012,746ක් ලෙසය.
එමෙන්ම අද කැරට් 22 ග්රෑම් 8ක මිල රුපියල් 260,800ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කැරට් 22 රන් ග්රෑම් 1ක මිල රුපියල් 32,600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් 24 රන් ග්රෑම් 1ක මිල රුපියල් 35,560ක් ලෙස සටහන් විය.
අරුණ