අද උදෑසනට කටුනායක හොල්ලපු වෙඩි වරුසාවේ කතාව එළියට. කොල්ලට වයස 29යි
කටුනායක හීනටියන ප්රදේශයේ නිවසක සිටි තරුණයෙකුට අද උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති අතර, මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා දැනට ගම්පහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලිසිය වාර්තා කරයි.
කටුනායක පොලිසිය විසින් ලබා දුන් තොරතුරු අනුව, අද දින උදෑසන කටුනායක පොලිස් වසමට අයත් හීනටියන ප්රදේශයේ නිවසක සිටි 29 හැවිරිදි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවත් වාර්තා වේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මුලින් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වඩාත් සංකීර්ණ ප්රතිකාර සඳහා ගම්පහ රෝහලට රැගෙන ගොස් ඇත. තුවාලකරු හීනටියන ප්රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, ඔහුගේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වන විට වාර්තා වී නොමැත.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට සැක කෙරේ. මෙම සිද්ධියට හේතුව කුමක්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නොවන අතර, කටුනායක පොලිසිය මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දන්වා සිටී.
gossip lanka news