ඔව් 2024 උසස් පෙළ විභාග ප්‍රතිඵල දිවයිනේ විශිෂ්ටයින් මෙන්න
2024 වර්ෂයේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, දිවයිනේ විවිධ විෂය ධාරාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ සිසුන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. මෙම විභාගයේ අංශයන්හි දිවයිනේ ප්‍රථම ස්ථාන දිනාගත් දක්ෂ සිසුන් පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇත.
ජීව විද්‍යා අංශයේ ප්‍රථමයා
2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය සමත් වී තිබේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින් ඇය විසින් දිවයිනේ ජීව විද්‍යා අංශයේ ඉහළම දක්ෂතාව පෙන්නුම් කර ඇත.
ගණිත අංශයේ විශිෂ්ටයින්
ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසඳු රණ්සර කුමාරගේ සිසුවා සමත් වී තිබේ. භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් ඔහු දිවයිනේ ප්‍රථමයා ලෙස නම් කර ඇත.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ගණිත අංශයෙන් දිවයිනේ තවත් ඉහළ ස්ථාන දෙකක් දිනාගැනීමට සමත් වී තිබීමයි. ඒ අනුව එම විද්‍යාලයේම තෙවිඳු දිල්මිත් දහනායක සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය දිනාගෙන ඇති අතර, නවිඳු දිනෙත් තෙන්නකෝන් සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය හිමිකරගෙන තිබේ.
මෙම ජයග්රහණයන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගණිත අංශයේ සිසුන්ගේ විශිෂ්ට දක්ෂතා මැනවින් පිළිබිඹු කරයි.
වාණිජ අංශයේ ප්‍රථමයා
2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ කංකානිගේ අමාශා දුලාරි පෙරේරා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.
මෙම සියලු ජයග්රාහකයින්ට ඔවුන්ගේ අධ්‍යාපනික ජයග්රහණයන් වෙනුවෙන් සුබ පැතුම් එක් කරන අතර, ඔවුන්ගේ අනාගත අධ්‍යාපනික හා වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය සඳහා ද අපගේ ශුභාශංසන පිරිනමන්නෙමු.
Gossip lanka news