සරම්ප යළි ව්‍යාප්තවීමේ අවදානමක් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක්
සරම්ප යළි ව්‍යාප්තවීමේ අවදානමක්… එන්නත්කරණයට යොමු වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි
වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් එම ඒකකය විවෘත කළ බවයි.
එය පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබේ.
එම ඒකකයෙන් ජනතාවට සරම්ප, රුබෙල්ලා ඇතුළු වසංගත රෝග පිළිබද තොරතුරු විමසිය හැකියි.
011744 65 13 , 011768 2722, 011768 28 72 හෝ 0117682662 දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකියි.
මේ අතර , එක් සරම්ප රෝගියෙකුගෙන් පුද්ගලයින් 18 දෙනෙකුට සරම්ප බෝවීමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ, සරම්ප එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින් ඇත්නම් වහාම එන්නත් ලබා ගත යුතු බවයි.
2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය.
කෙසේවෙතත් කොවිඩ් වසංගතයත් සමග ලොව පුරා බොහෝ රටවල එන්නත්කරණය අඩාල වීම හේතුවෙන් ගෝලීයව සරම්ප රෝග තත්ත්වයක් ඇතිවූ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එහි ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මැයි සිට ශ්‍රී ලංකාව තුළ ද නැවතත් සරම්ප රෝගීන් වාර්තා වෙයි.
මේ අතර, ලබන 4 වැනිදා සිට 09 වැනිදා දක්වා විශේෂ සරම්ප / රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් ක්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.