විජය මැ රූ ලෙසම මාත් ම රන්නයි හදන්නේ.ආරක්ෂාව අඩු කරන්නේ ඒකටයි
තම ස්වාමි පුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතු වී පවතින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ, ඇයට ලබා දී ඇති ආරක්ෂක පිරිස අඩු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට අද (නොවැ. 4) ලිපියක් යොමු කරමින් ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි ඔක්තෝබර් මස 31 වන දා නිකුත් කළ ලිපියෙන් 50 දෙනෙකුගෙන් යුත් තම ආරක්ෂක පිරිස 30ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව එම හිටපු ජනාධිපතිනිය ලිපිය මගින් සඳහන් කර ඇත.
හිටපු ජනාධිපතිනිය එම ලිපියේ සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හමුදා නිලධාරීන් 63ක් සහ පොලිස් නිලධාරීන් 180කින් යුත් ආරක්ෂක නිලධාරීන් 243ක්, මෛත්‍රීපාල සිරිසේනට පොලිස් නිලධාරීන් 109ක් සහ ගෝඨාභය රාජපක්ෂට පොලිස් නිලධාරීන් 25ක් සහ හමුදා නිලධාරීන් 175කින් යුත් ආරක්ෂක නිලධාරීන් 200කගේ ප්‍රමාණයක් සිටිය දී තමාට සිටින ආරක්ෂක නිලධාරීන් 50 දෙනා 30කට අඩුකර ඇති බව ය.
තව ද, විශ්‍රාමික ජනාධිපතිවරුන් අතරින් වැඩි ම තර්ජන තිබෙන ජනාධිපති තමා බව ත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එක ම ජනාධිපති වන්නේ ද තමා බව ත් ඇය එම ලිපියේ සඳහන් කර තිබේ.