බදුල්ල බස් අන තුරේ රියැදුරුගේ ලයිසන් මාස 5කට අත්හිටවූ එකක්
බදුල්ල ප්‍රදේශයේදී විශ්වවිද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් පෙරළී සිදුවූ රිය අනතුරේ රථය ධාවනය කළ රියැදුරුගේ බලපත්‍රය මාස 5කට අත්හිටුවා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ, අගෝස්තු 4 වන දා බීමත්ව බස් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදුව ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී, අගෝස්තු 6 වන දා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000ක දඩයක් නියම කර රියැදුරු බලපත්‍රය මාස පහකට අත්හිටුවා ඇති බව අද (නොවැ. 5) අධිකරණයේදී අනාවරණය වී ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය, ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් අද මෙම කරුණු ඉදිරිපත් කළේ ය.
උඩුගම, දාම්මල ප්‍රදේශයේදී පදිංචි මෙම රියැදුරු විසින් සිය රියැදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු හිනිදුම පොලිසියේ තමාගේ රියැදුරු බලපත්‍රය අස්ථානගත වූ බවට පැමිණිලි කර තිබිණි.
අනතුරුව ඔහු වෙනත් රියැදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බව ත් ඉකුත් දා බදුල්ලේ සිදු වූ මාරක රිය අනතුරින් පසු ඔහු ලඟ එම රියැදුරු බලපත්‍රය තිබී ඇති බව ත් අනාවරණය වී ඇති බව පොලිසිය විසින් අධිකරණයට පවසන ලදී.
මෙම කරුණු සැලකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි ගමගේ අදාළ රියැදුරු බලපත්‍රය එහි රියැදුරුට මුදා නොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙස නියෝග කළේ ය.
නොවැම්බර් 1 වන දා බදුල්ල, මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ඇල්ල පසුකර අඹගහඔය ප්‍රදේශයේදී බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක් විය.
– මවුබිම –