ලාල් කාන්තට පොලිස් ඇමතිකමක්ද ? මෙන්න හෙට අමාත්‍යධූර දෙන සෙට් එක.
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරු 10 ට ජනාධිපති කාර්යාලයේදි දිවුරුම් දිමට නියමිතව තිබේ.
නව රජයේ අමාත්‍යධුර සංඛ්‍යාව 23 හෝ 25 අතර ගණනකට සීමා වෙන බවත් ඇතැම් අමාත්‍යාංශ වෙනුවෙන් පමණක් නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කරන බවත් වාර්තාවේ.
අමාත්‍යාංශවලට අයත් විෂයන් සංඛ්‍යාව අනුව ඇතැම් අමාත්‍යාංශවලට නියෝජ්‍ය අමාත්‍යධුර දෙකක් පමණ පත්කිරීමට සිදුවෙනු ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් 25 හෝ 27 වන බව දැනගන්නට ඇත.
පෙර රජයන් සිදුකළ රාජ්‍ය අමාත්‍යධුර පත් කිරීම් මෙවර ලබා නොදෙන අතර ඇමති- නියෝජ්‍ය ඇමති සමස්තය 50 ක් පමණ වනු ඇතැයි වාර්තාවේ.
ඇමති ධූර බෙදී යන විෂයයන් ගැන තවම ප්‍රසිද්ධ කර නැති නමුත් ජනපති අනුර කුමාර යටතේ ආරක්ෂක ඇමති ධූරය තබාගැනීමටත්, අගමැති ධූරය හරිනි අමරසූරියට නැවත පිරිනැමීමටත්, විදේශ ඇමති ධූරය විජිත හේරත්ට ලබාදීමට නියමිත බවත් නිල නොවන ආරංචි හෙළි කර තිබේ.
මේ දක්වා රජයන් නම් කරන ලද විෂය පථයන්ට වෙනස් ආකාරයට නිර්මාණය කළ විෂය පථ කිහිපයක්ද ඇතුළත් වන අතර ඇතැම් විෂය පථ කිහිපයක් ඒකාබද්ධ කළ නව අමාත්‍යංශ පිහිටුවීමටද නියමිත බව වාර්තාවේ.
නලින්ද ජයතිස්ස, ලාල් කාන්ත කුරගම,නලින් හේවගේ,සුනිල් හඳුන්නෙත්ති,නිහාල් ගලප්පත්ති,නාමල් කරුණාරත්න, වසන්ත සමරසිංහ,සමන්ත විද්‍යාරත්න හා සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු පිරිසකට ප්‍රධාන කැබිනට් විෂය පථ බෙදී යන අතර කැබිනට් මණ්ඩලය සියලු ජාති නියෝජනය කරන එකක් වනු ඇතැයි වාර්තාවේ.
සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර
මෙම නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම ලබන අඟහරුවාදා පළමු පාර්ලිමේන්තු සැසිවාරයට පෙර පැවැත්වීමට ද සැලැසුම්කර ඇත.