කෝටිපති පුතුන් දෙදෙනාට දිවි අහිමි කළ මා රක අනතුරට හේතුව හෙළි වෙයි.
සුඛෝපභෝගී ජීප් රථයක් අද අලුයම කුලියාපිටිය කඹුරාපොළ පාලම අසලින් බත්ගමුව ඔයට පෙරළී යෑමෙන් එහි ගමන්ගත් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ගේ දේහයන් ගොඩ ගැණුණේ පැය 6ක පමණ කාලයකින් පසුවයි.
කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොළ දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් කුලියාපිටිය, හෙට්ටිපොල මාර්ගයේදී බුත් ගමුව ඔයට පෙරලී අද අලුයම 1ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී යළි කොබෙයිගනේ පිහිටි නිවස වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ජීප් රථය සහ එහි සිටි පුද්ගලයින් ගොඩ ගැනීම සඳහා පොලිසියට සහ ප්‍රදේශවාසීන්ට පැය 6ක පමණ දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.
ජීප් රථය ගොඩ ගන්නා විට එහි ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි අතර ඔවුන්ගේ මෘත දේහ මේ වන විට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 27 හැවිරිදි නිර්මාල් ධනංජය හා ඔහුගේ බාල සොයුරු 25 හැවිරිදි ඉෂාන් පියුමාල් නම් පුද්ගලයින් දෙදෙනෙක්.
කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඔවුන් කුකුළු ව්‍යාපාර ඇතුලු ව්‍යාපාර රැසක් හිමි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, අනතුර සිදුවූ ස්ථානය වංගු සහිත මාර්ගයක් බැවින් රථය රියදුරුගේ පාලනයෙන් මිදී යාම අනතුරට හේතු බවයි.