අ වධානම් වෛරස් උණක් ජනතාව අතර පැතිරේ
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් වියාප්තවෙමින් ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.
උණ, සෙම්ප්‍රතිශ්‍යාව ,උගුරේ වේදනාව සහ කැස්ස එම රෝග ලක්ෂණ වෙයි.
එම රෝග ලක්ෂණ දින 03 වඩා පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් බව පැවසීය.
මෙම රෝගී තත්ත්වය දරුවන් අතර මෙන්ම වැඩිහිටියන් අතරද වැළදිය හැකිය.
මෙම රෝගී තත්ත්වය වැලදී ඇත්නම් මුව ආවරණයක් පැළඳිම අත්‍යාවශ්‍ය බව පැවසීය.
වෙනත් රෝගී තත්ත්වයක් ඇති පුද්ගලයකුට මෙම වෛරස වැළදුනහොත් නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බව පැවසීය.
ඇදුම,පපුවෙ මහන්සිය වැනි රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයකුට මෙම රෝගය වැළදුනහොත් ඇදුම රෝගී තත්ත්වය උත්සන්න විය හැකි බව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත