අනුර ප්රමුඛ රජයට රනිල් ප්‍රශංසා කරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමා එකඟ වූ ප්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙන යෑම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ වත්මන් ආණ්ඩුවට ප්‍රශංසා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. යෝජනාවලින් ඉවත්විය නොහැකි බව කී හිටපු ජනාධිපතිවරයා රටේ දැනට පවතින ධාරිතාව සම්පූර්ණ වූ විට නව මාර්ග සොයාගත යුතු බව ත් ඊට යොමු වීමට කාලයක් ගතවනු ඇති බව ත් සඳහන් කළේය.
අමාරි කලම්බු හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා (නොවැ. 30) එක්වෙමින් හෙතෙම මේ බව කීය.
කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමේදී එතෙක් රටේ තිබූ ධාරිතාව සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට 2022-24 කාලයේ උත්සාහ කළ බව කී වික්‍රමසිංහ මහතා ආර්ථික වර්ධන වේගය සියයට තුනක් අපේක්ෂා කළද එය සියයට පහක් දක්වා ගෙන ඒමට හැකිවූ බව පැවසීය.
මෙරට සංචාරක ව්‍යාපාරය ආර්ථිකය දියුණු කිරීමේ එක් මාර්ගයක් බව කී හිටපු ජනාධිපතිවරයා සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයන් අලුතින් සිතා ව්‍යාපාර අවස්ථා වැඩි කළ යුතු බව සඳහන් කළේය.
2028 වන විට නැවත ණය ගෙවීමට තිබෙන බැවින් අලුත් ආදායම් මාර්ග සොයාගත යුතු යැයි කී හෙතෙම විදෙස් සංචාරකයකුගෙන් මෙරටට ලැබිය යුතු ආදායම ඩොලර් 50,100 වැනි මුදලකට එහා ගොස් ඩොලර් 300ක් ලබා ගැනීමට සැලසුම් කළ යුතු බව ද ප්‍රකාශ කළේය.
එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවහොත් තමා අයි.එම්.එෆ්. සංවිධානය සමග ආරම්භ කළ වැඩපිළිවෙළින් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙන බවද ඔහු කීය.
– මව්බිම –