ජනපතිගේ වැඩ මෙන්න අරලිය සහල් වෙළදපලට එයි
ජනපති අණ ක්‍රියාත්මක කරමින් පොළොන්නරුවේ අරලිය සහල් දඹුල්ල වෙළෙඳපොළට සිට ලැබෙමින් පවතින බව වෙළෙන්ෙදා් පවසති. ඒ අනුව දඹුල්ල නගරයේ වෙළෙඳසල් රැසකට ජනාධිපතිවරයා විසින් තීරණය කළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට පොළොන්නරුවේ අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ නියෝජිතයන් දුරකථනයෙන් උපදෙස් ලබාදුන් බව වෙළෙඳසල් හිමියෝ පවසති.
දඹුල්ල නගරයේ වෙළෙඳසල් කිහිපයකම පාලන මිල ගණන් යටතේ නාඩු සහල් සහ අනෙකුත් සහල් අලෙවි කරන අයුරු දැක ගැනීමට හැකි විය. පොළොන්නරුව අරලිය සහල් තොග ලොරි පිටින් උදෑසනම වෙළෙඳසල්වලට ලැබෙන අයුරුද දැකගැනීමට හැකි වීම විශේෂත්වයකි. එහි පාලන මිල පවා මුද්‍රණය කර තිබීම විශේෂත්වයෙකි.
දඹුල්ල නගරයේ සතොස වෙළෙඳසලේ නාඩු සහල් එක් අයකුට කිලෝ පහ බැගින් කිලෝවක් රුපියල් 220කට අලෙවි කරන බව එහි කළමනාකාරිත්වය සඳහන් කළේය. දඹුල්ල නගරයේම ඇතැම් වෙළෙඳසල්වලින් රුපියල් 225කටත් 230ටත් සහල් අලෙවි වෙද්දී ඇතැම් වෙළෙඳසල් හිමියන් විසින් කියා සිටියේ අනෙකුත් මෝල් හිමියන් තොග මිල අඩු කර නැති නිසා නාඩු හාල් කිලෝවක් රුපියල් 250කට අලෙවි කරන බව සඳහන් කිරීමද විශේෂත්වයකි.
දඹුල්ල – කේ.කේ. අරියදාස
මව්බිම