කවුද හිතුවේ පෑලියගොඩ මාලු කඩේ මේ වගේ තැනක් කියලා
පෑලියගොඩ, මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මහා පරිමාණයෙන් කුඩු, ගංජා, අයිස් ආදී ජාවාරම් සහ කප්පම් ගැනීම් සිදුවන බව ධීවර ඇමැතිවරයා, නියෝජ්‍ය ඇමැතිවරයා සහ මෙම වෙළෙඳ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා ධීවර හා ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ සුනිල් වටගල නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.
මෙහිදී, වෙළෙඳ සංකීර්ණයේ බොහෝ දෙනකු කියා සිටියේ එහි කුඩු, අයිස් ජාවාරම සිදුවන බවත්, ඊට ඇබ්බැහිවූ දෙතුන් දෙනකු සියදිවි නසාගෙන තිබෙන බවත්ය.
මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ යම් යම් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවට මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබෙන බවත්, වෙළෙද සංකීර්ණයට පිටත කුණු රැගෙන ඒමේදී ඒවා සමග රැගෙන එන්නේ මොනවාදැයි සැලකිලිමත් වියයුතු බව නියෝජ්‍ය ඇමැති නීතීඥ සුනිල් වටගල කීවේය.
මෙම ස්ථානයේ මත්ස්‍ය වෙළෙඳාම පමණක් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වගකීම ඇත්තේ පොලිසියට පමණක් බවද ඔහු කීවේය.
යාපනය, මන්නාරම ආදී ප්‍රදේශවලින් මත්ස්‍යයන් රැගෙන මෙම වෙළෙඳ සංකීර්ණයට පැමිණෙන බවත්, ඒ හරහා මත්ද්‍රව්‍ය පැමිණීමේ ඉඩකඩ පවතින බවද වෙළෙන්දෝ කියා සිටියහ. මෙහිදී පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම නවතාලීම සඳහා බුද්ධි අංශ යොදවා වැටලීම් සිදු කිරීමට කටයුතු කරන බවය. වැරදිකරුවන්ට තරාතිරම නොබලා කටයුතු කරන බවද පොලිසිය සඳහන් කළේය.
aruna