කඩවල හාල් නෑ පාරිභෝගිකයෝ දැඩි අසීරුවක
මේ වනවිට වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති දේශීය රතු කැකුළු, සුදු කැකුළු සහ නාඩු සහල් හිඟය උග්‍ර තත්ත්වයට පත්ව ඇත.
පාරිභෝගික ජනතාව කැකුළු සහල් සොයා වෙළෙඳපොළට ගියත් පාලන මිලට කැකුළු සහල් සොයා ගැනීම අසීරු තත්ත්වයට පත්ව තිබේ.
සියලු ම සුපිරි සහ සිල්ලර වෙළෙඳසල්වල කැකුළු සහල් බක්කි බොහෝවිට හිස්ව පැවැතීම මේ දිනවල සුලබ දසුනක් වී ඇත.
අතරින් පතර වෙළෙඳසලක කැකුළු සහල් තිබුණත් මේ වන විට පාලන මිලට එම සහල් සොයා ගැනීම නිකිණි සොයා ගන්නවාටත් වඩා අසීරු කාර්යයක් වී ඇති බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
දේශීය කැකුළු සහල් කිලෝවක පාලන මිල රුපියල් 220ක් වුවත් වෙළෙඳසල්වල අලෙවි කරන්නේ 240 සිට 300 දක්වා හිතු හිතූ මිල ගණන්වලටය. අද වන විට මොනම තත්ත්වයක් යටතේවත් පාලන මිලට සහල් ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
සුපිරි වෙළෙඳසල්වල කැකුළු සහල් බක්කිවල මීට දින දෙකකට පමණ පෙර රුපියල් 220ක් ලෙස සටහන් කර තිබූ දේශීය කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 240ක් ලෙස සඳහන් කර තිබේ.
සහල් මිල සම්බන්ධයෙන් රජය නිකුත් කළ ගැසට් නිවේදනය මේ වන විට පුස්සක් බවට පත්ව සහල් අර්බුදය විසඳීමට නොහැකි වූ කොළ කෑල්ලක් බවට පත්ව ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවැසීය.
තොග වෙළෙන්දාට නියම කරපු ප්‍රායෝගික නොවන සහල් ගැසට් නිවේදනයත් එක්ක සිල්ලර වෙළෙන්දා අද වන විට විශේෂයෙන් දේශීය කැකුළු සහ නාඩු සහල් වෙළෙඳාමෙන් ඉවත්ව ඇති බවත් සඳහන් කළේය.
කැකුළු සහ නාඩු සහල්වලට අවශ්‍ය වී සංචිත මෝල් හිමියන් සතුව තවම තිබෙන බව ත් ආණ්ඩුවට, පාරිභෝගික අධිකාරියට එම වී සංචිත සොයා ගැනීමට නොහැකි වී ඇති බව ත් ආණ්ඩුව සහ පාරිභෝගික අධිකාරිය කරන්නේ බොරුවක් බව ඔහු පැවසීය.
පාරිභෝගික ජනතාව නොමඟ යවමින් මහා පරිමාණ ව්‍යාපාරිකයාට අයුතු ලාභ ලබන්න රිසිසේ අවසරදී ඇති බව ත් මුළුමනින් ම ආණ්ඩුව සහ පාරිභෝගික අධිකාරිය සහල් අර්බුදය විසඳීමේ ක්‍රියාවලියෙන් ඈත්ව ඇති බවටත් ජාතික ගොවි ජන එකමුතුවේ සභාපතිවරයා චෝදනා කළේය.
අනුර බාලසූරිය, සවනි ශේශාධි
mawbima