කවුරු මොනව කිව්වත් මගේ ගමන මම යනවා ඒක නවත්තන්න කාටවත් බැහැ ටීනා ශනෙල්
දක්ශ නිරෑපිකාවක් මෙන්ම ප්‍රසිද්ද නිළියක් වන ටීනා ශනෙල් මෑත කාලය වන විට ඉතාමත් සුන්දර පෙනුමකටද හිමිකම් කියනවා. ඉතින් ඒ නිසාම නව පරපුරේ ප්‍රේක්ශකයන් අතර ආකර්ෂණීය රංගන ශිල්පිනියක් තමයි ටීනා ෂනෙල් කියන්නේ. ඇය විවිද විලාසිතා ඡායාරූප රැසක් මේ දවස්වල අන්තර්ජාලය හරහා සමාජය වෙත මුදාහරිමින් සිටිනවා අපිට දකින්න පුලුවන්. ඉතින් අපි හිතුවා ටීනගෙ ප්‍රේක්ශකයන් වෙනුවෙන් කාලෙකට පස්සේ ටීනා එක්ක ටිකක් කතා කරන්න. ඉතින් අපි ඇය සමග කතාවට එළඹුනේ මෙහෙමයි.
ටීනා මේ විදිහට ජායාරූප පමනක් රසිකයන්ට තිළින කරන්නෙ රංගන කටයුතු වලින් ඉවත්වෙලාවත්ද ?
අනේ නෑ, මම ඇත්තටම මුලින්ම සම්බන්ධ වුනේ නිරූපන ක්ෂේත්රයට ඒක හැමෝම දන්නව. ඒත් ඇත්තටම කියනවනම් දැන් නිරූපණ ක්ෂේත්රය කියන්නේ මඩ ගොඩක්. වෘත්තීය මට්ටම තුට්ටු දෙකට ගිහිල්ලා ගන්න දෙයක් නැහැ. හොද නිර්මාන කරන්න කාටවත් උවමනාවක් නැහැ. ඒ වෙනුවට ගොසිප් එකක් දාගෙන බාගෙට ඇදගෙන හොදින් හෝ නරකින් ජනප්‍රිය වෙන්නයි දැන් ඉන්න නවකයන් හැමෝටම ඕනෙ.
මේ දේවල් ගැන කල්පනා කරනකොට ක්ෂේත්රය ගැන තියෙන්නේ කල කිරීමක්. කෙහොමත් මේ ක්ෂේත්රයට ආපු මුල්ම දවසේ ඉදලම මේ කලකිරීම මට තිබුනා. නිරූපිකාවක්, ටෙලිනාට්‍ය නිලියක් හා සිනමා නිලියක් විදිහට මම ඉස්සරහට ආපු ගමනේ ඒවා දරාගන්න බැරුව මගේ කකුලෙන් අදින්න බලාගෙන උන්න ඉරිසියාකාර අය නිසා මම ගොඩක් අවස්ථාවල හිතරිදව ගත්ත.
මම මගේ පාඩුවෙ කාටවත් වචනෙකින් වත් කරදරයක් නොකර හුගක් හිමින් ගමනක් ආපු කෙනෙක්. ඇත්තටම අනික් අයගෙන් උදව් ඉල්ලන්නෙ නැති නිසා වෙන්නඇති ගොඩක් තැන්වල මාව කැපෙන්නෙ. ඒකත් කමක් නැහැ කියමුකො, මට දුක මට කැපිලි දාන්නෙ හැමෝම වගේ කාන්තාවන්. පිරිමි අයට වඩා ගැහැනු අයම මගේ ගමනට ඊරිසියා කරනවා කියලා මම දන්නව. ඒක මම හොදින් අවබෝද කරගෙන ඉන්නෙ. ඒත් කොච්චර කැපිලි ආවත් ටීනා ෂනෙල්ගේ ගමන නතරකරන්න කාටවත් බෑ.
මොකද මම කෙලින් වැඩකරන කෙනෙක් නිසා මට ලැබෙන අවස්ථාව කාටවත් උදුරගන්න බෑ. කෙලින් වැඩකරන කොන්ද කෙලින් තියෙන අය මට අවස්ථාව දෙයි. ඒක නිසා බොහොම කලකිරීමෙන් මම තවසැරයක් කියන්නෙ, දැන්වත් මට ඊරිසියා කරනඑක මාව වට්ටන්න හදනඑක නතරකරන්න. මට නිකරුනෙ මඩගහන එක නතරකරන්න. මොකද, කවුරු මොනව කිව්වත් මගේගමන මම යනවා ඒක නවත්තන්න කාටවත් බැහැ.
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න. යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.