මේ පොඩිකාලෙට මොනතරම් දේවල් ලැබුනත් තාම සදනි ඉස්සර උන්න පුන්චි කෙල්ලම තමයි
හාරකෝටිය, හිරු ඇවිදින්, කෝටිපතියෝ, තුත්තිරි, අග්නි පියාපත් වගේ ගොඩක් කලානිර්මාණ වලින් ප්‍රේක්ශකයොන්ට සමීප වුන මෑත කාලයේ බිහිවුන දක්ශ වගේම සුන්දර නිලියක් විදියට අපිට සදනි ෆ්රනාන්දුව හදුන්වන්න පුලුවන්. ඉතින් සමාග මාධ්‍යය හරහාත් මේ වෙනකොට ඉතාමත් ප්‍රසිද්ධ සදනි විසින් රංගනයෙන් දායක උන අග්නි පියාපත් කතාව අපි හැමෝටම මතකයි.
“අග්නිපියාපත් ටෙලිනාට්‍යයේ මාදවී කියන්නේ මගේ පස්වෙනි චරිතය. මවකගේ වගේම බිරිදකගේත් චරිතයක අත්දැකීමක් නැති නිසාමයි මේ චරිතය මම කැමැත්තෙන්ම භාරගත්තේ. ඒ මොකද අභියෝගයක් තියෙනකොට රඟපාන්න හරිම ලේසියි ඒ වගේ දේවල්වලට අපි මුහුණ දෙන්න ඕනෙ. කොහොමත් මම අභියෝගවලට ගොඩක් කැමති හැමදාම ජීවිතේ අභියෝග එක්ක ගතකරපු කෙනෙක්. මාරවිල වගේ පුංචි ගමක ඉපදිලා නිගම්බු සවුත් ඉන්ටර්නැෂනල් එකේ ඉගෙනගන්න කාලෙ හීනෙකින්වත් හිතුවෙ නැහැ නිලියක් වෙයි කියලා. උසස්පෙළට කළමනාකරන විශයත් තෝරාගත්තේ කවදාහරි හොද රස්සාවක් කරන්න කියලා හිතාගෙන. ඒත් දෙදාස් දාහත අවුරුද්දේ මගේ ජීවිතේ හැම දෙයක්ම හිතුවෙ නැති විදියට කනපිට පෙරලුනේ මටවත් හිතාගන්න බැරි විදිහට.
අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරගයට මම ඇප්ලිකේශන් එකක් දැම්මේ ඇයි කියලා මටවත් හිතාගන්න බෑ. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයට ඉල්ලුම් කලේ කලාවට තිබුන ආසාව නිසා. හැබැයි මගේ ඉගෙනීමේ කටයුතු එතනින් තාවකාලිකව නතරකරන්න සිද්ධ වුනා. ඒ ගැනනම් පොඩි කනගාටුවක් තියෙනව. අපේ පවුලෙ මම හැරුනම කලාවට සම්බන්ධ කිසි කෙනෙක් නෑ. පුංචිකාලේ අම්මා කියන විදිහට මට පුදුම දාංගලයක් තිබිලා තියෙන්නේ. ඒත් දවසින් දවස මම මුහුකුරා එනකොට බොහොම නිහඩචරිතයක් බවට පත්වෙලා
මගේ දිහා බලන ගොඩක් අය මගේ නිහඩබව නිසා මම ගුප්ත කෙනෙක් කියල කියනවා. අනේ ඒත් මම ගුප්ත නැහැ. ක්ශේත්‍රයට ආපු දවසේ ඉදලම ගොඩක් ඉවසීමෙන් මම ඒ දිහා හොදට බලාගෙන ඉන්නව. මම රංගනය පැත්තට යොමුවෙනකොට ගෙදරින් ලොකු හයියක් ලැබුනා. ඒ ලැබීම නිසා වෙන්න ඇති මම ඉස්සරහට තල්ලු වුනේ.
මම මුලින්ම කැමරාවට මුහුනදුන්න දවස අද වගේ මට තාමත් මතකයි. හාර කෝටිය රශ්මිගේ චරිතය, රශ්මි නැටුම් පන්තියේ ඉන්නවා තමයි මුලින්ම ශුට් කලේ. ඊට පස්සේ රංගනය ඉගෙනගන්න ඕනෙ කියන එක මට ගොඩක් දැනුනා. මොකද වෘත්තියක් හැටියට මම රංගනය තෝරගන්නවානම් ඒ ගැන නිවැරදිව සහ ක්‍රමවත්ව දැනුවත්වීම හරි වැදගත් නිසා. රගපාපු හැම අවස්ථාවකදිම මට දශමෙන් දශමේ හරි උඩට යන්න අවස්ථාව ලැබුණා. ඒ හැමවෙලාවෙම මට හිතුනේ මම ඉපදිලා තියෙන්නේ කලාව වෙනුවෙන්මයි කියලා. ඒ හැගීම මාව ගොඩක් දිරිමත් කලා.
ගොඩක්අය මගෙන් අහනව කලාව වෘත්තියක් කරගෙන ජීවත්වෙන්න පුලුවන්ද කියල. ඒක මෙහෙමයි හරියට වැඩකරනවා නම් ඕනෑම තැනක ජීවත්වෙන්න පුලුවන්. වෘත්තීය නිලිය කියලා සමාජය හදාගත් සීමාව ඇතුලේ අපි අපේ රංගනය බාල්දු කරගන්න හොද නැහැ. ලැබෙන කලු සුදු හැම චරිතයක්ම බාරගැනීම නෙමේ වෘත්තීය නිලිය කියන්නේ. ප්‍රේක්ෂකයාගේ මනසට බලපෑමක් කලහැකි චරිතයි කරන්න ඕනෙ. මම හැමවෙලාවේම එය කරන්න උත්සහ කරනවා.
කාලයක් මම මොඩ්ලින් කරපු නිසා මෝස්තර නිර්මාන ශිල්පිනියක් වෙන්න මට සුදුසුකම් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඒ පැත්තට යොමුවෙන්නත් පොඩි අදහසක් තියෙනව. කොච්චර දේවල් ලැබුනත් මොනවා තිබ්බත් බොහොම සරලව ඒ දේවල් විදගන්න තමයි මම කැමති. මම හිතන්නේ ඒ සරලබව දැන් මගේ ජීවිතේ කොටසක්වෙලා. රගපාන චරිතයේ ජීවත්වෙන්නේ ඒ මොහොතේ විතරයි. නැත්නම් මම මගේ පාඩුවේ නිහඩව ඉන්න කැමතියි. ඇදුමක් ඇන්දත් සරල ඇදුමක් ඇදගෙන යන්න හරිම කැමතියි. මම හිතන්නෙ සරලකම තරම් නිදහසක් මේ ලෝකේ තවත් නෑ. කොහොම වුනත් මම ආදරවන්තියක් කියලා ලෝකෙටම ඇහෙන්න දැනෙන්න කෑගහලා කියන්න ඕනෙ. නමුත් ඒ දේට මම තවචුට්ටක් කල්ඉල්ලනවා. මේ පොඩිකාලෙට මොනතරම් දේවල් ලැබුනත් තාම සඳනි ඉස්සර උන්න පුන්චි කෙල්ලමයි. ඉඩක් ලැබෙන හැමවෙලාවෙම මාරවිල ගිහින් නිදහසේ මුහුද දිහා බලාගෙන ඉදලා එන්න කැමතියි. කවුරුහරි කියනවානම් ඒක මගේ ගුප්ත ගතිගුනයක් කියලා මම දෙවැනිපාරටත් කියනවා ඒ තමා මගේ හැටි.
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න. යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.