සුරතල් සුනඛයා නිවැසියාට වෙඩි තියයි
එකවරම විශ්වාස කරන්නත් අපහසු පුවතක්..
සාමාන්‍යයෙන් බල්ලෙක් මිනිසෙකු සපාකෑවා කියන පුවත සාමාන්‍ය එකක් වුණත්, මේ කියන්න යන්නේ ඒ වගේ ඇසෙන තවත් එක් කතාවක් නෙවෙයි..
සමහරවිට මේ කතාව ඇසූ ඔබ එකවරම එය විශ්වාස කරන එකක් නැති වේවි.. බල්ලකු මිනිසකුට වෙඩි තැබූ පුවත මේ වන විට ලොව පුරා ප්‍රචාරය වී තිබෙනවා.. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
ඇමරිකානුවකු සිය යෙහෙළිය සමග නිදා සිටින විට ඔහුගේ සුරතල් බල්ලා ඇඳට පැන දඟලන්නට වූ අතර ඒ අවස්ථාවේ ඇඳේ තිබූ තුවක්කුවේ කොකා ගස්සන තැනට බල්ලාගේ එක් කකුලක් සිර වී තිබුණා..
ඒ අවස්ථාවේ බල්ලා කකුල ගස්සන විට එහි උණ්ඩයක් නිකුත් වී නිදා සිටි පුද්ගලයාගේ කලවා පසාරු කරගෙන ගොස් ඇති අතර, මෙය සිදුව ඇත්තේ පාන්දර හතරට පමණයි..
මේ බල්ලා පිට් බුල් වර්ගයේ අවුරුද්දක් වයසැති සුනඛයෙන් වෙනවා.. කෙසේ වෙතත්, තුවාලකරුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වෙන්නේ..
එසේම විදෙස් ප්රවෘත්ති නාලිකාවක් සමග සිය අදහස් බෙදාගත් එම නිවසේ කාන්තාව පවසා ඇත්තේ, ඔරියෝ නමැති මේ බල්ලා ඉතා සෙල්ලක්කාර බල්ලෙක් බවත්, ඔහු ඒ වගේ දේවල් කරන්න කැමති අතර මෙය ක්ෂණිකව සිදුවූ අනතුරක් වන බවයි.. මෙම සිද්ධිය ඉකුත් සඳුදා අලුයම සිදුව තිබෙනවා..