හයේ සිසුවියන්ට දුන්නු දඩුවමෙන් ගුරුතුමීට වැඩ වරදී
අම්මාට ඕන වුණේ ඇගේ ඇස් දෙකට පෙනෙන මානයේ විවාහ වුණාට පස්සෙත් ඇයට තබාගන්න විතරයි..
අපි ඇයව නතාෂා යැයි හඳුන්වාදෙමු.. වයස අවුරුදු 27ක් වුණු මේ තරුණිය සරසවි අධ්‍යාපනය නිමකරලා රැකියාවක් ලබාගත්තා විතරයි.. ඇගේ මවට ඕන වුණේ දියණිය විවාහ කරදෙන්නටයි.. පවුලේ එකම දරුවා වුණු නතාෂා හැඩැති තරුණියක්ද වුණා..
අසල්වැසි පවුලකට ඇය ගැන විවාහ යෝජනාවක් ගෙන එන්නේ නතාෂාගේ මවමයි.. ඔවුන් මිල මුදල් අතින් පොහොසත් පවුලක් වුණත් මනුස්සකම් අතින් ඒ තරම් හොඳ මිනිසුන් නෙවෙයි.. නතාෂා මේ ගැන දැනගෙනහිටියා..
ඒත් අම්මලා හිතන පතන විදිහ වෙනස් කරන්න ඇයට පුළුවන්කමක් තිබුණේම නැහැ.. ටික ටික මේ සම්බන්ධය විවාහය දක්වා ගලාගෙන ගියා.. ඔහු විවාහයක් කර ගැනීම සඳහා තවම ඇය සූදානමක් නොමැති බව නතාෂා සිය මවට දැනුම් දුන්නත් මව ඒ ගැන සැලකුවේ නැහැ.. අසල්වැසියන්, නෑදෑයින් පවා ඇයට උසුළු විසුළු කරන්න ගත්තා.. ඒ මුදල් නිසා කරගන්නා විවාහයක් කියායි.. ඒ දවස උදා වී ඔවුන් යුග දිවියට එළඹුණා..
මදුසමය සඳහා යුවල පිටත් වුණත් ඇය සිටියේ කිසිම සතුටකින් නම් නෙවෙයි.. ඇය මේ වෙනතුරුම සැමියා සමඟ හරියට කතා කළ දවසක් ගැන මතකයක් නැති තරම්.. එදා රාත්‍රියත් එසේමයි.. ඇය මුළුගැන්වී සිටී.. ඔහුට මේක මහා ප්‍රශ්නයක් වුණා.. ඒ ගැන ඇගෙන් විමසූවිය ඇය පැවසුවේ මෙහෙම කතාවක්..
ඔයා මගෙන් කැමතියිද කියලා වත් අහලාද විවාහ වුණේ..? අඩු තරමේ මගේ හැටිවත්, මං ආස කරන දෙයක් ගැනවත් ඔයා දන්නවාද..? ඔයාට ඕන වුණේ මාව බඳින්න විතරයි නේ.. දැන් ඒක කරගත්තා නේ මට කරදර කරන්න එපා.. පාඩුවේ ඉන්න දෙන්න..” “ඒයි… සද්දේ අඩු කරපන්…” ඔහු මහ හඬින් පැවසුවේ එපමණයි.. ඇය තිගැස්සුණා.. එතැන් පටන් ඔහු කළේ ඔහුට ඕන දේම පමණයි.. ඒ කිසිවකට ඇය එකඟ නොවන බව දැනුනු වහාම ඇගේ ඔළුව බිත්තියේ හප්පයි.. මෙය ඔහුට පුරුද්දක් වුණා.. නරුමයෙක් වගේ මනුස්සයෙක්..
හෝටල් කාමරය තුළට එන සේවකයන්ගෙන් ඇයට උදව් ඉල්ලන්න හිතුණත් ඒකටවත් ඇයට ඉඩක් ලැබුණේ නැහැ.. සල්ලි බලයත්, දුවව දකින්න තියන කැමැත්තත් මව කරපු මේ නොගැලපෙන විවාහය නිසා ඇගේ ජීවිතය අපායක් වෙන්න පටන් ගත්තේ මදුසමය දවසේ රාත්රියේදීමයි..
හිරුගොසිප්