රටේ අවධමන තත්වය තවත් නරක අතට
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, වසරින් වසර පදනම මත කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) විසින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ට සාපේක්ෂව 2024 ඔක්තෝම්බර් මාසයේදී -0.8% දක්වා අඩු වී ඇත.
මේ අතර, ආහාර උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ -0.3% සිට 2024 ඔක්තෝම්බර් මාසයේදී 1.0% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ -0.5% සිට 2024 ඔක්තෝබර් මාසයේදී -1.6% දක්වා අඩු විය.
2024 ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) 2024 සැප්තැම්බර් මාසයේ 190.9 සිට 189.9 දක්වා අඩු වී ඇත.