පෙම්සුව විදීමට තිදරු මවකගේ ගෙදරට ගිය 26යේ තරුණයාට තරු විසිවෙයි
වැන්දඹු කාන්තාවකගේ පහස සොයා ආ බව කියන 26 හැවිරිදි විවාහක තරුණයකු ගැනයි මේ කතාව.
කලකට ඉහතදී මේ කතාව ඇසුනේ අම්පාර ප්රදේශයෙන්.. සැමියා මියගොස් ඇති මේ 41 හැවිරිදි තිදරු මවත් සමඟ ඔහු කාලයකට කලින් මිතුරුකමක් පටන්ගෙන තිබෙනවා.. ඒ ගැන ඒතරම් නොසිතූ ඇය මේ පුද්ගලයා සමඟ කතාබහ කරන්නේ තමන්ටත් ඒ වයසට ළඟ වයස්වල දරුවන් සිටින නිසයි..
මෙහෙම කාලයක් යද්දී සුහදතාව වර්ධනය වූ අතර, මේ කාන්තාවට නිතර නිතර දුරකථනයෙන් කතා කර විවිධ අයුතු යෝජනා කිරීමට පටන් ගෙන තිබුණා.. කෙසේ වෙතත්, ඊට කැමැත්තක් පල කර නැති ඇය මේ ඇමතුම් රෙකෝඩ් කර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා..
දිනක් ඇය මොහුට කදිම පාඩමක් ඉගැන්වීමට සිතා මෙහෙම දෙයක් කළා..
ඒ අනුවයි අදාල කාන්තාව එම යෝජනාවට කැමැත්ත පළකර ඔහුට නිවසට පැමිණෙන ලෙස පවසා ඇත්තේ.. තමා කළ යෝජනාවට කැමැත්ත පළ කිරීම නිසා සතුටින් ඉපිල ගිය බව කියා තරුණයා ජැන්ඩියට හැඳ පැළඳගෙන සුවඳ විලවුන් තවරාගෙන යතුරු පැදියකින් කාන්තාවගේ නිවස සොයාගෙන පැමිණියා..
මේ අවස්ථාවේ කාන්තාව තරුණයාට පලායාමට නොහැකි ලෙස අල්ලාගෙන මේ බව අසල්වාසීන්ටද දැනුම්දීමෙන් පසු ඔවුන් ද ඇයගේ සහායට පැමිණ ඇති අතර, එහිදී දෙදෙනා අතර සිදුවූ හැම සංවාදයක්ම පාහේ, ඇය පොලිසියට ලබාදී ඇති අතර, මේ පැමිණිල්ල මත අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා..