දීපාවලී නිසා නැවතුනු දුම්රිය වර්ජනය ගැන දැනුම්දීමක්
තම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවලංගු කළේ දිපාවලි උත්සවය හා තැපැල් ඡන්දය නිසා බවත් වෘත්තිය ක්‍රියාමාර්ගය 02 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.
සිය උසස් වීම් හා බඳවා ගැනීම් ගැටලුවලට විසඳුම් නොදීම මත දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (30 වැනිදා) සවස 04.30 සිට ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම්, ආසන වෙන් නොකිරීම් ඇතුළු සේවාවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. ඒ වනවිට දිපාවලී උත්සවය වෙනුවෙන් මගීන්ට ආසන වෙන්කරදීම් සියල්ලම අවසන්ව තිබූ බවත් තම සංගමයට දමිළ ප්‍රජාවගෙන් මහජන විරෝධයක් මතු කිරීමේ අරමුණින් දුම්රිය මූලස්ථානය කන්කසන්තුරේ දක්වා අතිරේක දුම්රියක් දැමූ බවත් කී දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා ඒ හේතුව මතම තම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රවාහන අමාත්‍යංශයත් එමගින් උත්සහා දරා තිබුණේ තම වැරදි යටගසා ගැනීම බවත් එම උත්සහායට හසු නොවී තම සංගමය ආරක්ෂිත උපක්‍රමයක් ලෙස වර්ජනය අවලංගු කළ බවද කීවේය.