රවී ජාතිය ලැයිස්තුවට ගිය හැටි හොයන්න රනිල්ගෙන් සිව් පුද්ගල කමිටුවක්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස රවී කරුණානායක නම් කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවට පත්කර ඇත්තේ, නීතීඥ කුමාර් දුනුසිංහ, නීතීඥ ඉන්දික වෙරගොඩ, ආචාර්ය විතානගේ සහ නීතීඥ යසස් ද සිල්වා යන අයයි.
රනිල් වික්රමසිංහ මෙම තීරණය ගනු ලැබුවේ අද (20) කොළඹ මල් පාර සන්ධාන කාර්යාලයේ පැවති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ශවකරුවන් අතර පැවති විශේෂ සාකච්ඡාවක දී.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායකගේ නම් කර පසුගියදා මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබුණා.
එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසිනුයි අදාළ ලිපිය යොමු කර තිබුණේ.
උපුටාගැනීම: හිරු වෙබ්පිටුව