ලොකුලූනු මිල වේගයෙන් ඉහලට
දේශීය වෙළදපොළේ ලොකු ළුෑණු මිල ද ඉහළ ගොස් තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් පෙන්වා දෙන්නේ ඇතැම් විට ඉදිරියේදී ලොකු ළුෑණු මිල රුපියල් 600ක් දක්වා ඉහළ යා හැකි බවයි.
මේ අතර එළඹෙන උත්සව සමය නිමිත්තෙන් හිඟයකින් තොරව සහල් ලබාදීමේ අරමුණින් මෙටි්රක් ටොන් 70,000 ක සීමාවකට යටත්ව නාඩු සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව යන ආයතනවලින් එලෙස සහල් ආනයනයට අවසර හිමිවන බවයි.