නව රජයට සහය දෙන්න දඹුල්ල ආර්ථිකයේ නව නීති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු රැගෙන ඒම අලෙවි කිරීම ගබඩා කිරීම ඇසුරුම් කිරීම මෙන්ම ඇතුළත වාහන ක්‍රියාත්මක කිරීම සඳහා නව නීතිරීති ක්‍රියාත්මක කිරීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය තීරණය කොට තිබේ.
දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් අසියයට අසුවක් පමණ සපයන ආර්ථික මධ්‍යස්ථානය තුළ විශාල එළවළු ප්‍රමාණයක් අපතේ යෑම විනාශ වීම ගොවීන් මෙන්ම එළවලු රැගෙන යන ව්‍යාපාරිකයන්ට සිදුවන ප්‍රමාදයන් අවම කිරීම ජනතාවට කඩිනමින් හොඳ නැවුම් සෞඛ්යාරක්ෂිත එළවළු සහ පලතුරු ලබාදීම ගොවීන්ට කඩිනමින් අලෙවි කරගෙන ගමන් කිරීමට පහසුකම් සපයා දීම සඳහා නව රජයට සහයෝගය දැක්වීම පිණිස මෙම තීන්දු තීරණ ගත් බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී. ඒ. සිරිවර්ධන ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ ප්‍රධාන ලේකම් අයි .ජි . විජේනන්ද මහතා යන මහත්වරුන් 23 දින පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකෙරෙන නව ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදු කරන්නට වූහ.
නව ක්‍රමවේදයන් සඳහා වන ලෙස තම ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සාමාජිකයන් වෙත දැනුවත් කොට තිබෙන බවත් එසේ ක්‍රියාත්මක නොවන තම සාමාජිකයන් හට වරදක් සිදු කරන්නේ නම් රුපියල් දස දහසක දඩ මුදලක් ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය වෙත ගෙවීමට තීරණය කොට තිබෙන බව දන්නවා කිසිදු ආකාරයකින් එවැනි දඩ මුදල ගොවියන්ට අතරමැදි වෙළෙන්දන්ට සහෝ වෙනත් කිසිදු අයෙකු ගෙන් අය නොකරන බවත් එය අය කරනු ලබන්නේ තම වෙළඳ සංගමයේ සාමාජ වෙළඳසැල් හිමි සාමාජිකයන්ගෙන් පමණක් බවද සභාපති සී ඒ සිරිවර්ධන මහතා සඳහන් කළේය.
මෙය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරද්දී ඇතැම් කණ්ඩායම් තවමත් ඒවා පිළි නොගෙන විවිධ කටකතා පතුරවමින් ගැටුම්කාරී තත්ත්වයන් වලට එළඹෙන බවත් එමගින් සිදුවන්නේ රටේම ජනතාවට හොඳ එළවළුවක් මිලදී ගැනීමට නොහැකි වීම ගොවීන් හට කඩිනමින් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිවීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.