හොර කණ්ඩායමක් හිටපු මැකෝට කල කරදරය – වීඩියෝ
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්රියගේ අම්බලන්ගොඩ, පෝරඹ පිහිටි නිවස සොරුන් බිඳ නිවසේ භාණ්ඩ සොරකම් කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් හිටපු සභාපති මහින්ද දේශප්රිය විසින් අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇති බවයි.
එහිදී නිවසට ඇතුළු වූ සොරුන් නිවසේ තිබූ රූපවාහිනී යන්ත්රය, ගෑස් සිලින්ඩර 02, වටිනා අත් ඔරලෝසු 02 ඇතුලු භාණ්ඩ කිහිපයක් සොරකම් කර පළාගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබනවා.
එම වීඩියෝව පහතින්,
උපුටාගැනීම: හිරු වෙබ්පිටුව