ශ්‍රී ලංකාව කෙරේ ජපන් විශ්වාසය බි දී ඇති නිසා වාහන ආනයනය ගැන අසුබ ආරංචියක්
ලංකාවේ ණයවර ලිපිවලට ජපානයේ විශ්වාසය නැති වී ඇති බැවින් එතරම් පහසුවෙන් වාහන ගෙන්වීමට නොහැකි බව ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (9දා) පැවැසුවේය.
මේ නිසා වාහන ගෙන්වීමේදී යළි විශ්වාසය ගොඩනැඟීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කිරීමට සිදුවනු ඇති බවත් එම සංගමයේ සභාපති කීවේය. මේ අනුව අවුරුදු 7ක් පරණ වාහන අපනයනය කිරීමට ඉඩදෙන ලෙස ජපන් අපනයනකරුවන්ගෙන් සංගමය පාර්ශ්වයෙන් ඉල්ලා සිටි බවත් ඔහු කීවේය.
නමුත් ශ්‍රී ලංකාව සමඟ එකට එකතු වී වැඩ කිරීමට ජපානයට ලොකු උනන්දුවක් ඇති බව ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය පෙන්වා දෙයි. මේ නිසා ශ්‍රී ලංකා පාර්ශ්වයට වගේම ජපාන පාර්ශ්වයටත් ව්‍යාපාරවලදී කළ හැකි සියලුම උදවු කළ යුතු බවත් ඔහු කීවේය. මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ ජපන් ව්‍යාපාර සංගමය පසුගිය කාලයේදී සාකච්ඡා කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ අනුව ශ්‍රී ලංකාවේ නව රජයේ සිතුම් පැතුම් ඉටුකර ගැනීමටත් ලබාදිය හැකි උපරිම සහාය ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය මෙම වසරේදී ලබාදෙන බවත් කියයි. දේශපාලන වෙන් කිරීමක් නැතිව පවතින රජයට උදවු කිරීම මූලික පරමාර්ථය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
සචිත්ර පෙරේරා
– මව්බිම