පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළද පොළට
උස්සව සමය ඉලක්ක කර ගනිමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ කල් ඉකුත් වීමට ආසන්න ආහාර වර්ග කූට වියාපාරිකයන් විසින් වෙළඳ පොළට මුදා හැරීමේ හැකියාවක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
උස්සව සමයේදී භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර යුතු බව පැවසීය.
උස්සව සමය ඉලක්ක කර ගනිමින් ඉදිකරන ලද තාවකාලික වෙළඳ සැල් වලින් ආහාර සහ භාණ්ඩ මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
උස්සව සමය ආසන්න වෙත්ම විශේෂයෙන් කෙසෙල් ගෙඩි ඇතුළු ආහාර වර්ග මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
තාවකාලික වෙළඳ සැල් ඇතුළු සියලු වෙළඳ සැල් අඛණ්ඩව පරීක්ෂා කිරීමට කටයුතු කරන බව පැවසීය.
ඒ සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000 අධික සංඛ්‍යාවක් යොදවා ඇතිබව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත
Lanka C news