වසර තිස්පහකට පෙර පැරනි පෙම්වතිය එවූ ලිපිය කියවූ සැමියාට බිරිදගෙන් පාඩමක්
හසුනක් නිසා මෙහෙම විපතක් වෙයි කියලා ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති…
වසර තිස් පහකට පමණ ඉහත තම පෙම්වතියක් එවා තිබූ පෙම් හසුනක් යළිත් කියවමින් සිටියදී බිරියට හසුවීමෙන් හැට හැවිරිදි විශ්‍රාමිකයෙක් මහත් අසීරුවට පත්වි තිබුණා…
බිරිඳ ද විශ්‍රාමිකයි… ලොකු පුතා වෙනත් පෙදෙසක රැකියාව කරයි…
වැඩිමහල් දියණිය නිවසේ සිට රැකියාවකට යයි. බාලම දියණිය උසස් අධ්‍යාපනය හදාරමින් සිටී. නිවසට වී කම්මැලිකමේ සිටිනා මේ විශ්‍රාමිකයාට නිවසේ එක් මුල්ලක තිබූ ලිපිගොනු මිටියක් හමුවෙලා… එම ලිපි ගොනු මිටිය නිවස පිටුපසට රැගෙන ගිය ඔහු ඒවා එකින් එක ගසා දමමින් පරීක්ෂා කරලා..
මීට වසර තිස් පහකට පමණ ඉහත රැකියාවට ගිය මුල් යුගයේ ඔහුට ලැබුණු ලිපි රැසක් එහි තිබිලා….
එම ලිපි කියවීම ඔහුට මහත් සතුටක් ගෙන දෙන නිසා ඔහු මහත් ආසාවෙන් ඒ ලිපි කියවන්න පටන් ගත්තාලු…… ඇතැම් ලිපි බොඳවී ගොසින්… තවත් ලිපි දිරාපත්වී ගොසින්…. මේ ලිපි අතර තිබූ තවත් ලිපියක් ඔහුගේ අතට පත් වෙලා…
හැට විය ඉක්මවා තිබුණ ද ඔහුට ඒ අත් අකුරු හොඳින් මතක බව ඔහුට දැනිලා..
එය දිගු පෙම් හසුනක්. රැකියාවට ගිය මුල් යුගයේ සිය පෙම්වතිය ඇතුළු පිරිසක් සමගින් දුම්රියෙන් බදුල්ල බලා ගිය ගමනක විස්තර එහි තිබුණු නිසා ඔහුට සියුම් සතුටක්ද දැනිලා.. ඔහු යළිත් ඒ ලිපිය මුල සිටම කියවන්නට පටන් අරගෙන…
සැමියා බොහෝ වේලාවක් මහත් ආශාවෙන් කියවන මේ ලිපි මොනවාදැයි දැන ගැනීමට බිරිඳ ද එහි ඇවිත්…
ඇයද ලිපියට එබී එය කියවන්නට පටන් අරගෙන… මොහොතකින් ඇගේ යක්ෂයා ආරූඪ වෙලා… ඇයට කෝපය දරාගත නොහැකි වුණාලු…
“අරකිගෙ හොර ලියුම් තාමත් රහ කර කර කියවනවා” තල් අත්තට බොරළු ගසන්නාක් මෙන් සැමියාට දොස් නගන්නට පටන් ගත්තලු….
වහාම එම ලිපි ලේඛන සියල්ල ගිනි තැබූ ඇය දින ගණනාවක් යනතුරුම සැමියාට දෙස් දෙවොල් තැබුවාලු… කාලයක් යනතුරුම තරහා වෙලා හිටියලු…