බස් දෙකක් හැපී කුඩුපට්ටං. 35ක් රෝහලේ
අද දින උදෑසන කාලයේ ගන්දර පොලිස් වසමේ තලල්ල ප්රදේශයේදී දික්වැල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 35 දෙනෙකු ප්රතිකාර සඳහා තලල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු 06 දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
ගන්දර පොලීසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.