මහින්දගේ නිවසේ වතුර කැ පුවේ නෑ කැ පුවේ අල්ලපු ගෙදර – ජල මණ්ඩලය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන පුවත සාවද්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. ලක්ෂ හතරකට වැඩි බිලක් නොගෙවීම නිසා කපා ඇත්තේ යාබද නිවසක ජල සැපයුම බවද පැහැදිලි කර ඇත.
නිවේදනය පහතින්
හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙහි ජල සැපයුම විසන්ධි කර ඇති බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ඇති පුවත සාවද්‍ය වේ.
මෙම පුවත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ මහතා පදිංචිව සිටි නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම නිසා අද දින ජල සැපයුම වින්ධිකර ඇත. නමුත් එම ස්ථානය සිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි නිල නිවස නොවේ.
මේ සම්බන්ධයෙන් අදාල ස්ථානයේහි දැනට සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ නිළධාරියෙකුගෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) විසින් කල කරුණු වීම සීමේදී එම ස්ථානයේ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශයේ නිළධාරීන් නේවාසිකව සිටි බවත් ඔවුන් 2024 ඔක්තෝම්බර් මාසයේ එයින් ඉවත්ව ගොස් ඇති බවත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම එම ස්ථානයේ ජල සැපයුමෙන් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිළධාරීන් හෝ සිටපු ජනාධිපතිතුමා හෝ ජලය පරිහරණය නොකරන බවත් ප්‍රකාශ කරන ලදී. මීට පෙර මෙම ස්ථානයේ ජල ගාස්තු ගෙවීම් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
අදාල ස්ථානයේ හිඟ මුදල් ගෙවීම් කරන ලෙස මෙම මණ්ඩලයේ නිළධාරින් අවස්ථා කිසිපයකදීම ලිපිතව සහ වාචිකව දැනුම් දී ඇති අතර අද දිනද මණ්ඩලයේ නිළධාරින් එම ස්ථානයට ගොස් සිහ මුදල් ගෙවීම් කරන ලෙස දැනුම් දී ඇත. හිස මුදල් නොගෙවීම නිසා අදාල ස්ථානයේ ජල සැපයුම විසන්ධි කරන ලද අතර මේ වන විට අය විය යුතු හිඟ මුදල රු.429,000 ක් පමණ වේ.
ඒ අනුව මෙම ස්ථානයේ ජල සැපයුම විසන්ධි කිරීම නිසා හිටපු ජනාධිපතිතුමාට හෝ ඔහුගේ ආරක්ෂක නිළධාරීන්ට කිසිදු බාධාවක් සිදුවී නොමැති බව අපගේ නිරීක්ෂණය වේ.
- gossip lanka news