කාර්යාලයේ පෝසතාට රැවටුනු තරුණිය නැවතුන තැන
රස්සාවට ගියපු මුල්ම කාලෙ.. මට වයස අවුරුදු 18යි..
මේ මනුස්සයා මම වැඩ කරපු ආයතනයේ ලොකු තනතුරක් දරුවා… හැමදාම උදේට මම ඒ මිනිහාගේ ඔෆිස් එකට යන්න ඕනි.
report කීපයක් අරගන්න. එතනදි තමයි මම එයා ඉස්සෙල්ලම දැක්කේ.ටයි කොට් දාලා හිටපු වැදගත් පාට මනුස්සයෙක්…හැබැයි ඒ ඇඳුම් අස්සේ හිටපු සතාව මට අඳුරගන්න කාලයක් ගියා…
මුලින් මුලින් මාත් එක්ක හිනාවෙලා පොඩ්ඩක් කතා කරා…ආයතනය වැඩ වලට දුරකථන අංකය ඕනිි වෙනවා..ඉතින් කොහොම හරි මගේ ෆෝන් නම්බර් එක මිනිහා අතට ලැබුණා…
ටික ටික මට ආදරය කරුණාව දක්වන්න පටන් ගත්තා…
මටත් තාත්තා හිටපු නැති නිසා මේ මනුස්සයාට අමුතු විදියේ ලෙන්ගතුකමක් ඇතිවුණා..
එක දවසක් මට කෝපි එකක් බොන්න යන්න අඩ ගැහුවා…
එයා ගැන අහිතක් නොහිතපු හින්ද මම ගියා…
මේ වෙනකොට අපි දෙන්නා අතරේ ලොකු යාළුකමක් ඇතිවෙලා තිබ්බේ කොහොමත්..
මොකද ආයතනයෙන් ප්‍රශ්න එනකොට හැමතිස්සේම එයා මාව බේරගත්තා. ඉතින් මට ලොකු විශ්වාසයක් තිබුනේ .
එදා එයා මට ප්‍රොපෝස් කරා.
මට අකමැති වෙන තිබේ එකමම හේතුව එයා මට වැඩිය අවුරුදු පහළොවක් වැඩිමල් වෙච්ච එක විතරයි.ඒ වයස නොපෙනෙන තරම් මෙයා හරිම කඩවසම් .
ගෑණු ළමයෙක් හොයන හැමදේම එයා ගාව තිබ්බා.යහමින් මුදල් හදල් අලුත්ම වාහනයක්, නවීන පන්නේ ගෙයක්,මේ හැමදේම හින්දා මම එයාට කොහොමත් කැමැත්තෙන් හිටියේ. මම එයාට කැමති වුණා.හැමදාම එයා මාව ඔෆිස් එකට එක්කන් ආවා.
අපි දෙන්න හරිම ආදරෙන් හිටියා අපේ ගොඩක් දේවල් ගැළපුණා. මම ආස කරන කෑම බීම, මම කැමතිම සිංදු, කොහොම හරි එයා දැනගෙන හිටියා. මම දන්නෑ ඒක උනේ කොහොමද කියලා. කොහොම හරි එයා මගේ හිත දිනා ගත්තා…
එයා උදේට හැමදාම මාව ගේ ගාවින් ගත්තා. office එකට එක් කරගෙන ආවා.
නිවාඩු දවස්වලට අපි ඇවිදින්න ගියා.
මේ විදිහ අපේ ගෙදරටත් මේ සම්බන්ධය ආරංචි වෙලා තිබ්බේ.
අම්මා තදින්ම විරුද්ධ උනා..
ඒත් මගේ තනි කැමැත්තට මේ සම්බන්ධ අරගෙන ගියා.
එක දවසක් එයා මාව එයාගේ ගෙදරට එක්කගෙන ගියා.
එදා තමයි ඒ දේවල් ඉස්සෙල්ලම පටන් ගත්තේ.
එයා මට අමුතු විදිහේ ඇඳුම් වගයක් අඳින්න දුන්නා…
මුලදී මම අදි මදි කළා.
මට දුන්නේ කලු පාට ගවුමක්..
ඒ ගවුම හරිම කොටයි. පපුවෙන් හුඟාක් එළියට පෙණුනා…
එයා බලාගෙන හිටියා මට හරිම අපහසුවක් දැණුනා..
මම ඇන්දට පස්සේ මට පුදුම මානසික වදයක් දුන්නේ .. මාව වීඩියෝ කරා.. එක එක මොඩ්ලස්ලාගේ ෆොටෝ පෙන්නලා ඒ විදියට ඉන්න කියලා ෆොටෝ ගත්තා..
ආයේ තව ගවුමක් දුන්නා… මම බෑ කිව්වාම මට කම්මුලට ගැහුවා… ආයෙමත් මාව ඉම්බා බලෙන්… මට හරියට කරදර කළා..
මම බයටම ඒ ගවුමත් ඇන්දා…මම කලින් කිව්වානේ ඒක රතු පාට ගවුමක්… ” කෙල්ලේ රතුපාට ගවුමට මාරම ලස්සනයිනේ ” ඒ මනුස්සයා පිස්සුවෙන් වගේ දෙඩෙව්වා…
ඊට පස්සේ මට අපහසු විදියේ පින්තූරවලට ඉන්න කිව්වා.. බයට මම එහෙම කළා …
මම ගෙදර ආවේ සෑහෙන්න කැළඹුණු හිතක් එක්ක…
මේ මනුස්සයා ගැන තිබුණු හැම හොඳ සිතුවිල්ලක්ම මට ඒ වෙනකොට නැති වෙලා තිබුණා.. මට තේරුනා එයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා..
මම ෆෝන් එකේ නම්බර් එක මාරු කළා… ඔෆිස් එකට නොකියම රස්සාවෙන් අයින් වුණා. අම්මා එක්ක ගිහින් පොල්සියට ඇන්ට්‍රි එකක් දැම්මා… නඩුවක් දාලා තියෙන්නේ. දැන් ඒක උසාවියේ ඇහෙනවා.
සමහර විට මිනිහා මගෙන් පළි ගනීවී , ඒ මිනිහට සල්ලි , බලය , සම්බන්ධකම් තියෙනවා..
මට වැරදුණා… ඔව්.. මොකද මම අවුරුදු 18 සම්පූර්ණ වෙලා හිටියේ… මගේ කැමත්තෙන් ඒ ගෙදරට ගියේ.. මගේ අම්මා මට වැරැද්දක් වෙයි කියලා පෙන්වලා දුන්නත් මම ඒක ඒ මොහොතේ පිළිගත්තේ නැහැ.. ඒ නිසා මගේ ජිවිතේට අමතක කරන්න අමාරු ලොකු හානියක් වුණා… ඒත් ආයෙමත් කාටහරි මේ දේ වෙන්න හොඳ නෑ ..
ඒකයි මම මේ කතාව කියන්න හිතුවේ…
උපුටාගැනීම: හිරුගොසිප්