නාමල්ගේ නීති උපාධීය ගැන අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුවෙන් පරීක්ශනයක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ පැවැති විභාගයට නීතිඥවරුන් දෙදෙනකුගේ සහය ඇතිව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නීති උපාධිය ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය වූ සම්මුඛ සාකච්ඡාවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥවරුන් දෙදෙනකුගේ සහාය ඇතිව නීති විද්‍යාලයේ පැවති විභාගයට පෙනී සිටිමින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නීති උපාධිය ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නැමැති සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි
ඒ අනුව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.
(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
උපුටාගැනීම: ලංකාදීප