දුම්රියේ එල්ලී සෙලිෆි ගැසීමට ගිය විදෙස් කතට අත්වූ නොහිතූ ඉරණම
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය විදෙස් ජාතික කාන්තාවකට අත්වුණු අවාසනාවන්ත ඉරණමක් ගැන කතාවක්.
අද උදෑසන එම අනතුර සිදුව තිබුණේ බදුල්ල බිංගෙයට නුදුරු අමුණුවැල්පිටිය 180/25 කණුව අසලදී.
රුසියන් ජාතික විදෙස් ජාතික කාන්තාව මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබුණේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධානය වූ පොඩි මැණිකේ දුම්රියෙන් ඇද වැටීමෙන්.
පර්සිනෝමා ඔල්ගා නමැති 50 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක් මෙලෙස අනතුරින් මියගොස් තිබෙනවා.
මරණකාරිය 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග රුසියාවේ සිට ශ්රීලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇති අතර එම කණ්ඩායම සමග අද උදෑසන බදුල්ලට පැමිණ, බදුල්ලේ සිටි ඇල්ල දක්වා ගමන් කරන අතරතුර දුම්රියේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී දුම්රිය මාර්ගය අද්දර පස්කණ්ඩියක ගැටී ඇදවැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසන්නේ.
තුවාලකාරිය එම දුම්රියෙන් රැගෙන විත් හාලිඇළ දුම්රිය ස්ථානයට භාරදීමට කටයුතු කර තිබෙනවා.