නලීන් හේවගේ ගේ අපහාසාත්මක ප්‍රකාශයට මාලිමා මන්ත්‍රීවරියකගේ විරෝධය
නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න පවසනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
තමන් එම අවස්ථාවේ සභාගර්භයේ නොසිටිය ද විපක්ෂ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුව තුළ නොගැළපෙන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් ලෙස එම ප්‍රකාශය අනුමත කළ නොහැකි බවයි ඇය සිය සටහන මඟින් පෙන්වා දී තිබෙන්නේ.
නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ඊයේ දින මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ඉලක්කර ගනිමින් ඇගේ නම වෙනස් කර ඇති බවට පුවත්පත් දැන්වීමක් පළකර ඇති බව සඳහන් කරමින් අපහාසාත්මක ප්‍රකාශක් සිදුකර තිබුණා.
<img class=”alignnone size-medium wp-image-12470″ src=”https://ranrasanews.com/wp-content/uploads/2025/02/67baae7b59a7b-300×165.jpeg” alt=”” width=”300″ height=”165″ />