කල්මුණේ මු ස්ලිම් අ න්තවාදී කණ්ඩායමක් ගැන ආරක්ෂක අංශවල අවධානය
නැගෙනහිර කල්මුණේ ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද (මාර්තු 4) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැගෙනහිර කල්මුණේ ප්‍රදේශයෙන් මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් බිහි වී තිබෙනවා දැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි ය.
අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරමින් සිටින බව ය.
එහිදී ඇතිවූ සංවාදය මෙසේ ය.
ප්රශ්නය: නැගෙනහිර කල්මුණේ ප්‍රදේශයෙන් මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් බිහිවෙලා තියෙනවා කියලා පසුගිය දිනක පුවත්පතක වාර්තා කරලා තිබුණා. ඇත්තට ම ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද? එම පිරිස අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්නේ නැද්ද? ඒ කණ්ඩායම දැනට තහනම් කරල ද තියෙන්නේ?
අමාත්‍යවරයා: “නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එවැනි යම් කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබීමක් පමණයි තියෙන්නේ. ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ විසින් තොරතුරු අනාවරණය කර ගනිමින් පවතිනවා. ජනාධිපතිවරයාත් ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ඇවිල්ලා යම් කරුණු ප්‍රමාණයක් කිව්වා. දැනට අපිට කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටිනවා කියන එක.”
– mawbima