ඉශාරා ලංකාවෙන් පැනල ගියපු රට හෙලිවේ
පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අධිකරණයේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මුහුදු මාර්ගය ඔස්සේ මාලදිවියන වෙත පලාගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇය පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර ප්රබල පාතාල කල්ලියක සාමාජිකයකු විසින් මෙලෙස මාලදිවයින වෙත ගෙන්වා ගෙන ඇතැයි පැවසේ.
ඒ සඳහා සියලුම කටයුතු එතෙර සිටින එම පාතාල කල්ලි සාමාජිකයා විසින් මෙහෙයවා තිබෙන බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ගයාන් සමරසිංහ
දිවයින