දේශබන්දුගේ ඇපල් ෆෝන් දෙක පොලීසිය භාරයට තොරතුරු රැසක් එළියට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් අද (19) දිනයේදී, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දේපළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් උසාවියට කරුණු දැක්වීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් තිබුණු බවත් ඒ අතර වාරයේ ඊට පෙර දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවුණු බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසින් මත්පැන් බෝතල් 795ක් ,වයින් 214ක්, පිස්තෝලයක් සහ ඇපල් දුරකථන දෙකක් භාරයට ගත් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටි අතර භාරයට ගත් දුරකථන හරහා තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිවනු ඇති බව ඔහු කීය.
අපරාධයක් සම්බන්ධ සැකයට භාජනයවී සැඟවී සිටි දේශබන්දු තෙන්නකෝන් දිගින් දිගටම පොලිසිය මගහැරිය අතරවාරයේ ඔහුගේ නිවස වැඩිදුර පරීක්ෂාව සිදුකිරීම ඊයේ සිදුවූ නමුත් වරෙන්තු නැතිව එවැනි සෝදිසියක් කරන්න බැරි යයි කියමින් දේශබන්දු මහතාගේ බිරිය අතුරුගිරිය පොලිසියට පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබීම විශේෂිත කරුණකි.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) උදෑසන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී සිටියේය. සිදුවීම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට ද අභියාචනාධිකරණය පෙරේදා තීන්දු කර තිබුනි.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි..