රනිල්ව විදෙස් රටකදී අත්තඩංගුවට ගැනීමට සැලැස්මක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ රටකදී අත්අඩංගුවට ගැනීමට රහසිගත සැලැස්මක් තිබූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
ඒ, Global Political With Champika වැඩසටහනට එක් වෙමින් ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පාඨලී මහතා පැවසුවේ, මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් යුද්ධය කළ බවත්, එසේ නම් අන් අයට දඬුවම් කරන්නේ මන්දැයි යන්න බවත් ය.
එමෙන්ම, මහින්ද රාජපක්ෂ යුද්ධය පවත්වාගෙන ගිය ආකාරය ගැන කිසිවෙකු ප්‍රශ්න නොකරන බවත්, ඔහු ජනතා ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයෙකු බවත් ඔහු සඳහන් කළේය.
උපුටාගැනීම: ගගන