මෝදිගෙ වටේ ඉන්න සුපිරිම වැඩකාරයො ටික ගැන පුදුම හිතෙන විස්තරේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තෙදින නිල සංචාරයත් සමග අගමැති මෝදි සමඟ ලංකාවට පැමිණි තවත් කීපදෙනෙකු පිළිබඳ මේ වන විට සමාජමාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිළ උත්සවය පෙරේදා නිදහස් චතුරශ්‍රයේ පැවති අතර ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ SIU බලකා සාමාජිකයන් දෙන්නෙක්.
මොකද්ද මේ SIU එහෙමත් නැත්නම් Special Intervention Unit එක කියන්නේ?
ඉන්දියානු ආරක්ෂක බලකා පද්ධතිය වෙනුවෙන් 1985 පටන් ගත්ත SPG එහෙමත් නැත්නම් Special Protection Group එක ගැන අහල තියනවද?
දැනට බලයේ ඉන්න ඉන්දියාවේ අගමැතිවරයාට වගේම හිටපු අගමැතිවරුන්ට සහ ඔවුන්ගේ පවුලේ ආසන්නතම සාමජිකයන්ගේ ආරක්ෂාව භාරව ඉන්න tactical unit එක එහෙමත් නැත්නම් අති සුවිශේෂී පුහුණු කණ්ඩායමක් තමයි මේ Special Protection Group එක.
එතකොට මොකද්ද මේ SIU එක කියන්නේ? 1988 අවුරුද්දේ SPG ආරක්ෂක බලකාය අභ්‍යන්තරයේම තවත් අති විශේෂ මෙහෙයුම් ඒකකයක් හදනවා, ඒ තමයි මේ SIU යුනිට් එක! තමන්ගේ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙලා ඉන්න මේ SIU කණ්ඩායම ඉතා අවදානම් තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම, ප්‍රහාරයකදී ආරක්ෂාව සපයන පුද්ගලයා ආරක්ෂා කිරීම, අතුරුදහන්වීම් හෝ පැහැර ගැනීම් සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සහ සාපේක්ෂව ආසන්නයේ වන සටන් වෙනුවෙන් (Close Quarter Battle – CQB) නවීන ආයුධ, නවීන තාක්ෂණික උපකරණ සම්බන්ධව සහ විශේෂිත සටන් පුහුණු ලබාගෙන තියෙන කණ්ඩායමක්.
සරලවම කිව්වොත් SIU සමාජිකයන් කියන්නේ ඉතාමත් තීව්ර හා උසස් මට්ටමේ ආරක්ෂක කාර්යයන් සඳහා තමන්ගේ මුලු ජීවිතේම කැපකරලා තියන විශේෂ ඒකකයක වැඩ්ඩෝ ටිකක්!
උපුටා ගැනීම – සමාජ මාධ්‍යයෙන්
හිරුගොසිප්