කුරුණෑගල මහ ගින්නක් මිනිසුන් මරු ට
කුරුණෑගල, වැහැර ප්රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (07) රාත්රී මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙක් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
මේ වන විට කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ada derana