රජයෙන් අත් බෑගයේ දමාගෙන යා හැකි මාළු පැක
හඳුනාගත් සතොස අලෙවිසැල් 21ක මූලික ව්‍යාපෘතියක් ලෙස ග්‍රෑම් 300-400 ප්‍රමාණයේ කුඩා නැවුම් මාළු පැකට් (frozen fish) හඳුන්වා දීමට නියමිත බව ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාර්ක් පවසනවා.
පසුගියදා ගම්පහ, බෞද්ධාලෝක මාවතේ පිහිටි ලංකා ධීවර සංස්ථාවේ මාළු වෙළඳසැලේ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනකදී අදහස් දක්වමින් ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළා.
මෙම කුඩා ප්‍රමාණයේ නැවුම් මාළු ඇසුරුම් අත් බෑගයක වුවද පහසුවෙන් ගෙන යා හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.