සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට. වරෙන්තු හතක්
ජනප්රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලිසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.
රිය අනතුරක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවලට අදාල වරෙන්තු හතක් මත ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය විසින් පවත්වාගෙන යන පුද්ගලික ආරක්ෂක සමාගමක සේවක වැටුප් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කිහිපයකට අදාලව ඇති වරෙන්තු කිහිපයක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බවත් පැවසේ.
පොලිස් මූලාශ්ර අනාවරණය කරන පරිදිල ඉද්දමල්ගොඩ මහත්මිය පුද්ගලික ආරක්ෂක සමාගමක් පවත්වාගෙන යන අතරල එම සමාගමේ සේවකයන්ට වැටුප් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතීග මෙම නඩු හා සම්බන්ධව ඇයට එරෙහිව වරෙන්තු කිහිපයක් නිකුත් කර තිබූ බවත් තහවුරු වී ඇතග
Lanka c news