කොරියාවෙන් දෙන රැකියා දස දහසක් මෙරටට අහිමිවීමේ අවදානමක්
දකුණු කොරියාව විසින් ලබාදෙන රැකියා දස දහසක් මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා.
විදේශීය සෘතුමයසේවකයන් හදුන්වාදීම පිලිබඳ වූ අවබෝදතා ගිවිසුම ප්රාකාරව කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්රයන් සඳහා එම රැකියා ලබාදෙනු ලබනවා.
කෙසේ වෙතැත් අදාල ගිවිසුම සම්බන්දයෙ නව රජය සැලකිලිමත් නොවීම හමුවේ එම රැකියා දස දහසේ කෝටාව වෙනත් රටකට ලබාදීමට දකුනු කොරියානු රජයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් මෙරටට ලැබුන එම රැකියා කෝටාව කාම්බෝජයට හිමිවනු ඇති බවට වාර්තා වෙනවා.
උපුටාගැනීම – හිරු