රටම කලඹමින් ටැටූ ගහපු ලංකාවෙ තරුනයන්ගේ සිහින කුමරියෝ ඡායාරුප සමග
ටැටූ කියන්නෙ වර්තමානය වෙනකොට ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ද වෙලා තියෙන කලාවක්. නොයෙක් නොයෙක් පුද්ගලයන් අද වෙනකොට තමන්ගෙ ශරීරයේ ටැටූ එකක් කෙටීම විලාසිතාවක් බවට පත්කරගෙනයි තිබෙන්නේ. ඉතින් ලෝකයේ වගේම අපේ ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය තරු තමන්ගෙ ශරීරයේ ටැටූ එකක් කෙටීම ඉතා සාමාන්‍ය විලාසිතාවක් බවට පත් කරගෙනයි තියෙන්නේ.ඉතින් අද අපි ඔයාලට ගේන්න සූදානම් වන්නේ ඒ ආකාරයට තමන්ගෙ ශරීරයේ ටැටූ යොදාගත්ත ලංකාවෙ ප්‍රේක්ශකයන් ගොඩක් ආදරේ කරන කලා තරු කිහිපයක් ගැන විස්තරයකුයි.
1) ශනුද්‍රි ප්‍රියසාද්
දිනක්ශි ප්‍රියසාද්, ශේශාද්රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ සහෝදරියන්. මේ අයගෙන් බාලම කෙනා තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. ටෙලිනාට්‍ය වගේම සිනමාපට හරහාද ප්‍රේක්ශකයා අතරට පැමිනි ඇය වර්තමානයේ නව පරපුර අතර ඉතාමත්ම ජනප්‍රිය චරිතයක් වනවා. ඇය ඇයගේ අතේ උරහිසේ මෙන්ම පිටේද ටැටූ කිහිපයක් සටහන් කරගෙන සිටිනවා. ඇගේ අතේ සටහන් කරගෙන සිටින්නේ හාට් එකක් ආකාරයට තමන්ගේ දෙමව්පියන්ගේ ඇගිලි සලකුනු බවයි අපිටනම් දැනගන්න ලැබුනේ.
කාවින්ද්‍යා අදිකාරී
කාවින්ද්‍යා අධිකාරී කියන්නෙ අපේ රටේ අපි කවුරුත් දන්න සුන්දර රංගන ශිල්පිනියක් දක්ශ ගායිකාවක් වගේම ඉතාම ආකර්ශනීය නිවේදිකාවක්. ඇයද ඇගේ අතෙහි, උරහිසේ වගේම කකුලේද ටැටූ කිහිපයක් සටහන් කරගෙන සිටිනවා. ඇය මේ වනවිට සටහන් කරගෙන තිබෙන ටැටූ සංඛ්‍යාව නමයක් බවයි අපිට දැනගන්නට ලැබුනේ.
ටනාශා හතරසිංහ.
මේ සුන්දර රංගන ශිල්පිනියව ගොඩක් දෙනා දන්නෙ, නිවේදිකාවක්, නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් විදියටයි.
බොහොම සුරූපී වගේම ලංකාවෙ තරුණ තරුනියන්ගෙ ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක් වන ඇය මේ වන විට ඇගේ පාදයේ මෙන්ම අතෙහිද ටැටූ සටහන් කරගෙන සිටිනවා. ඇගේ පාදයේ ඇති ටැටූ එකෙන් සදහන් වන්නේ live love and laugh යන්නයි.
රිතූ ආකර්ශා.
නව පරපුරේ ඉතාමත් රූමත් වගේම මේ වන විට ලංකාවෙ බොහෝ තරුන තරුනියන්ගෙ හිත් දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි රිතූ ආකර්ශා කියන්නෙ. ටැටූ විලාසිතා වලට කැමැත්තක් දක්වන ඇයද තම උරහිස ප්‍රදේශයේ ඉතාලි භාශාවෙන් ලියූ වචන කිහිපයක ටැටූ එකක් සටහන් කර තිබෙනවා, එහි තේරුම වන්නේ ඔබගේ ජීවිතයේ වීරවරිය ඔබම වන්න බවයි අපිට දැනගන්නට ලැබුනේ.
සමිතා මුදුන්කොටුව
කලා ක්ෂේත්රයේ වගේම ප්‍රසංග වේදිකාවෙත් කතා බහට ලක්වෙන ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඇය දක්ෂ ආදරණීය ගීත කෝකිලාවියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඇයද සිය වම් අතෙහි කාවින්ද්‍යා ශේන් චිරන්ත යන නම් සදහන් ටැටූ එකක් සටහන් කරගෙන සිටිනවා.
අමායා අධිකාරී.
අමායා අධිකාරීද සිය අත ප්‍රදෙශයේ මෙන්ම පපුව ප්‍රදේශයේද ටැටූ සටහන් කරගෙන සිටිනවා. ඇගේ පපුව ප්‍රදේශයේ සටහන් කරගෙන ඇති ටැටූ එකෙහි සදහන් වන්නේ Only god can judge me යන්නයි.
උදාරි කෞශල්‍යා.
උදාරි කෞශල්‍යා කිව්වම නොදන්නා කෙනෙක් නොමැති තරම්, ඒ වගේම ඉතාමත් දක්ශ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වන උදාරිට පසුගිය සමයේ සමාජ මාද්‍ය වලට එකතු කරන ලද ඡායාරූප හරහාත් ඉතාමත් දැඩි ප්‍රේක්ශක අවධානයක් දිනාගැනීමට හැකි වුනා.ඉතින් ඇයද ඇගේ අතෙහි ටැටූ දෙකක් සටහන් කරගෙන සිටිනවා. එහි හින්දු සලකුනක් වන ඕම් සලකුනද සටහන් කර තියෙනවා.
ඕශදී හිමාශා.
ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ ඒ වගේම මියුසික් වීඩියෝ වගේම ෆොටෝශූට් හරහා මුලු ලංකාවම කලඹපු රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් තමයි ඕශදී හිමාශා කියල කියන්නෙ. ඇයද ඇගේ පාද දෙකෙහිම පහල කොටසෙහි කුඩා ටැටූ දෙකක් සටහන් කරගෙන සිටිනවා.
යුරෙනි නොශිකා.
මේ දවස් වල වැඩිය රූපවාහිනිය හරහා දැකගන්නට නොලැබුනත් , යුරේනි නොශිකා කියන්නෙ අපි හැමෝම දන්න රංගන ශිල්පිනියක්, ගායිකාවක් ඒ වගේම අති දක්ශ මෝස්තර නිරූපන ශිල්පිනියක්.
ඇයද ඇගේ අතෙහි ඉහලින් ටැටූ එකක් සටහන් කරගෙන සිටිනවා.
ගයත්‍රි ඩයස්.
ගයත්‍රි ඩයස් කියන්නෙ ලංකාවෙ ප්‍රසිද්ද රංගන ශිල්පිනියක් රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම ඉතාමත් රූමත් නිරූපිකාවක්. ඉතින් ඇයත් මේ වන විට ඇගේ අතේ වගේම කකුලේත් ටැටූ විලාසිතා යොදාගෙන සිටිනවා.
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න.
යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.