පාස්පෝට් ගන්න අලුත්ම ක්රමවේදයක්
විදේශ ගමන් බලපත්ර අයදුම්පත්ර සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා වෙන්කරවා ගත හැකි ඔන්ලයින් ක්රමයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත්, එය ඉදිරියේදී ක්රියාත්මක කරන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
විදේශ ගමන් බලපත්ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම් ප්රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්ර මේ වන විට 50,000 ක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙම ප්රමාණයට අමතරව නොවැම්බර් මස අග භාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන් බලපත්ර ප්රමාණයක්ද දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ හිස් ගමන් බලපත්ර ප්රමාණයක්ද වන ලෙස 750,000ක හිස් විදෙස් ගමන් බලපත්ර තොගයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීමට නියමිත බවද සඳහන්.
විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉහත තත්ත්වය යටතේ මේ වන විට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්ර ප්රමාණයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන අතර දෙසැම්බර් මස මුල සිට මෙම ප්රමාණය ක්රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන් බලපත්ර ප්රමාණයට සරිලන ආකාරයට ගමන් බලපත්ර නිකුත් කිරීමේ ක්රමවේදය සකස් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
විධිමත් පරිදි දිනයක් හා වේලාවක් මාර්ගගත ක්රමය යටතේ වෙන් කර ගැනීම සඳහා ක්රමවේදයක් සකස් කිරීමට මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්රියාමාර්ග ගෙන ඇති අතර එය නුදුරු දිනයකදීම ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.