ශ්‍රීපාද අඩවියේ මල් කැඩූ හතරකට අමතක නොවෙන පාඩමක්
සිරිපා අඩවියට ඇතුළුවී එහි පෑළෑටිවල මල් කඩා හානි කළ පුද්ගලයන් සිවු දෙනෙකුට රුපියල් එක් ලක්ෂ හැට දහසක දඩයක් ගෙවන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් බීගකේග වෙනුෂා හේෂානි රැද්රිගු මහත්මිය 25දා නියම කළා ය.
මෙසේ දඩ නියම වූයේ කුලියාපිටිය,පිටදෙනියේ පදිංචි එස්.ඩී. හිරැෂ ලක්ෂාන් චන්ද්‍රසේකර, කේ.එම්. පියුමි මහේෂිකා, කුලියාපිටිය, කිතලවල, නාරගල්ලේ පදිංචි එස්.පී. හසිත නයනජිත් දයානන්ද සහ කේ.සී.නිර්මාල් ආදිත්‍ය පියලත් යන සිව් දෙනාට ය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ චෝදනා දෙකක් මෙම සිව් දෙනාට එරෙහිව ගොනුකර තිබුණි. මෙම සිව් දෙනා 2024 සැප්තැම්බර් 07 වැනි දින හෝ ඊට ආසන්න දිනයක ලංකාවේ ස්වභාව රක්ෂිතයක් වූ සමනල ස්වභාව රක්ෂිතයට ඇතුළු වීමෙන් හා රැඳී සිටීමෙන් වරදක් කළ බවට සහ එකී ක්‍රියාකලාපය තුළ සමනල ස්වභාව රක්ෂිතයේ පැළටිවල මල් කඩා එයට යම් ආකාරයකින් හානි සිදු කළ බවට වූ චෝදනා දෙක වනජීවී සංරක්ෂණ දොර්තමේන්තුවෙන් ගොනුකර තිබේ.
සමනල ස්වභාව රක්ෂිතයෙන් කැඩූ එම මල් විත්තිකරුවන් විසින් මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා රත්නපුර ශ්‍රී පලාබද්දල පිහිටි සමනල ස්වභාව රක්ෂිත කාර්යාලයේ නිලධාරින් විසින් පැමිණිල්ල ඉදිරිපත් කරන ලදි.
විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඔවුන්ගේ මුහුණු පොත් ගිණුම් හරහා කරන ලද විමර්ශනයකිනි. සැකකරුවෝ අධිකරණයේ දී වරද පිළිගත්හ.
සැකකරුවන්ගේ ක්‍රියාකලාපය ආවාරේ සිදුව ඇති බව නිගමනය කරන බවත්, ඉදිරියේ දී සිරිපා වන්දනා වාරය එළැඹෙන හෙයින් වන්දනාකරුවන් සිරිපා අඩවියේ පැළෑටි සහ මල්වලට හානිකිරිම වළක්වා ගතයුතු බවත් පැමිණිල්ල විසින් අත්රේක මහේස්ත්‍රාත්වරියට කරුණු දක්වන ලදි.
ඉදිරිපත්වු කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය එක් විත්තිකරුවෙකුට එක් චෝදනාවකට රු.20000 බැගින් රු.400 00ක් නියම කළාය. ඒ අනුව විත්තිකරුවන් සිව්දෙනාට රුපියල් එක් ලක්ෂ හැට දහසක දඩ නියම විය.
උපුටාගැනීම: අද වෙබ්පිටුව