බෙංගාල බොක්කේ කැළඹීම තවදුරටත්. පළාත් දෙකක් අදත් අවධානමේ
නිරිත දිග බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) තවදුරටත් සුළි කුණාටුවක් දක්වා තීව්ර වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පීඩන අවපාතය තීව්ර වෙමින්, ඉදිරි පැය 6 – 12ත් කාලයේදී තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට ඇතුළු වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල වැසි ඇති විය හැකිය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.
උතුරු පළාතටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් 150mm ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ ය.
– Sirasa News 1st